මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් පිළිපදිමින් රට රැකගැනීමට ඔබගේ වගකීම ඉටු කරන්න- සෞඛ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 25, 2020

    රජයක් ලෙස කොරෝනා වෛරසය පරාජය කිරීමට ගත හැකි සියලු පියවරක් ම ගෙන තිබෙන බවත් සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් පිළිපදිමින් රට රැකගැනීමට ඔබගේ වගකීම ඉටු  කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

    මේ වනවිට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඊයේ (24) මහජනතාව වෙත මෙම දැනුම් දීම සිදු කළේ ය.

    රජයක් ලෙස කොරෝනා වෛරසය පරාජය කිරීමට ගත හැකි සියලු පියවරක් ම ගෙන තිබෙනවා. පී සී ආර් පරීක්ෂණ පුළුල් කිරීම,නිරෝධායන කඳවුරු ඇති කිරීම, රෝහල් ප්‍රතිකාර සඳහා  තත්ත්වය වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

    නමුත් කණ්ගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුයි,ඇදිරි නීතිය කාලය තුළ ජනතාවගෙන් ඉල්ලා සිටියා, මේ ඇදිරි නීතිය පනවා තිබෙන්නේ, ඔබගේ වගකීම ඉටු කරලා, සංචරණය සීමා කර සෞඛ්‍ය  අංශය දෙන පිළිවෙත් පිළිපදින්න කියලා.

    එහෙත් ඇදිරි නීතිය ඉවත් කරන කාලය තුළගත්තොත් බණ්ඩාරනායක මාවතේ එක් පුද්ගලයෙක් රෝගය සඟවාගෙන අනෙක් අයටත් බෝ කරල වහකීම් රහිතව හැසිරුණා. ඇදිරි නීතිය දැම්මත්  එය නොසළකා කටයුතු කර තිබෙනව. ප්‍රතිවිපාකය තමයි, විශාල ප්‍රමාණයකට රෝගය බෝ වී තිබෙනවා.

    තවත් පුද්ගලයෙක් සුදු වැල්ල ප්‍රදේශයේ වගකීම් විරහිතව හැසිරීම නිසා,ඒ ප්‍රදේශයේ විශාල පිරිසකට රෝගය වැළඳුනා. ඒ ප්‍රදේශයට ගිය නාවික හමුදාවේ විශාල පිරිසකට මේ රෝගය වැළදිලා. මුළු ලෝකයම රටවල් 213ක ඉතා වේගයෙන් රෝගය වැළදී තිබෙනවා.ලක්ෂ ගණන් මිය ගිහින් තිබෙනවා. මින් ලංකාව මුදවා ගැනීමටයි,අරමුණ. රජයක් ලෙස සියලු කැපවීම් කර පියවර  අරගෙන තිබෙනවා. වගකීම් විරහිත පුද්ගලයෙකුගෙන් සිය ගණනකට රෝගය පැතිරෙන්න පුලුවන්. ඒ නිසා ඔබගේ වගකීම ඉටු කරන්න. සමාජ දුරස්ථභාවය තබා ගෙන යන්න. සෞඛ්‍ය අංශ  ලබාදෙන උපදෙස් පිළිපදින්න. රට රැකගැනීමට ඔබගේ වගකීම ඉටු කරන්න යැයි අමාත්‍යවරිය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya