මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායනය වූ 4376ක් නිවෙස් වෙත- නේපාලයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 76ක් දිවයිනට - තවත් 2869ක් නිරෝධායන මධ්‍යස්ථානවල

    අප්‍රේල් 24, 2020

    4376ක් මේ වනවිට නිරෝධායනය වී නිවෙස් බලා පිටත් කර යවා තිබෙන බවත් 2869 දෙනෙක් අද වනවිටත් නිරෝධායන මධ්‍යස්ථාන යටතේ නිරෝධායනය වන බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (24) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ය.

    තවදුරටත් කරුණු දැක්වූ යුදහමුදාපතිවරයා;

    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනානී නිරෝධයන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු නිම කළ 10 තම නිවෙස් බලා යෑමට අද දින කටයුතු කරනු ලැබුවා.

    පසුගිය කාලය පුරාවට මේ දක්වා,4376ක් නිරෝධායනය වී නිවෙස් බලා පිටත් කර යවා තිබෙනවා. 2869 දෙනෙක් අද වන විට නිරෝධයන මධ්‍යස්ථාන 29ක් යටතේ තව දුරටත් නිරෝධායනය වෙමින් පවතිනවා.

    අද (24) දින නේපාලයේ කත්මණ්ඩු සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මඟින් දූ දරුවන්, විශ්වවිද්‍යාල පාඨමලා හදාරන අය 76 දෙනෙක් ලංකාවට රැගෙන ආවා. ඔවුන් සියලු දෙනාම පුනානී නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර නිරෝධායනයටකටයුතු සම්පාදනය කර තිබෙනවා යැයි පැවසිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya