මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසාදනය වූ නැවියා ඇතුළු 30 දෙනෙකුට කොවීඩ් 19 ආසාදනය වෙයි- යුද හමුදාපති තහවුරු කරයි

    අප්‍රේල් 23, 2020

    කොවිඩ් 19 ආසාදනය වූ නාවික භටයා ඇසුරු කළ අය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්.(PCR ) පරීක්ෂණයෙන් එම නාවික භටයා ඇතුළුව 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (23) මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

    ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික භටයකුට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත කරන ලද PCR පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු විය.

    ඒ අනුව ඔහු සේවය කළ වැළිසර නාවික හමුදා කදවුරේ ඔහු ජීවත් වූ භට නිවාසය, වහාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ අතර එම භට නිවාසයේ සිටි සියලුම අය නිරෝධායනයට ලක් කිරීමටත්, එ ම සියලු නාවුක නැවියන්, පී සී ආර් පරීක්ෂණයට භාජනය කළා.

    ඔහු සමඟ ගැවසුණ සියලු අය මේ අනුව පරීක්ෂණවලට භාජනය කළා. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී ඇති අතර ආසාදනය වූ නැවියා ඇතුළු 30 දෙනෙකුට කොවීඩ් 19 ආසාදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya