මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිඟයකින් තොරව පොහොර බෙදා හැරීමට පියවර - කෘෂි කර්මාන්තය නැංවීමට ජනතාවට ආරාධනා

    අප්‍රේල් 23, 2020

    හිඟයකින් තොරව මේ වන විට පොහොර බෙදා හැරීම සදහා පොහොර කාර්යාලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,යුද හමුදාව එක්ව ⁣බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) ර⁣ජයේ ප්‍රවෘත්ති⁣ දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා,

    පොහොර ලංකාවට ලැබී ඇතත් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පිට පළාත්වලට බෙදා හැරීමේ ගැටලුව පැවති බවත්,මේ මේ වනවිට ඒ සඳහා පියවර ගෙන ඇති හෙයින් එම ගැටලුව ඉක්මනින් ම විසදෙනු ඇති බවත් ඇමතිවරයා කීය.

    එසේම ලංකාවට පසුගිය කාලය තුළ දී රුපියල් බිලියන 20 ක පමණ දොඩම්,ඇපල් හා මිදි ආනයනය කර තිබෙන බව කීය. බොහෝ එළවල් හා පලතුරු ලංකාවේ වගා කළහැකි ඒවා වේ. එසේම මෙරටට ආනයනය කිරීම නිසා ලොකු ලුනූ රපියල් බිලියන 12ක්, රතු ලුනු රුපියල් බිලියන 3ක්, සුදු ලුණු රුපියල් බිලියන 2ක්, වශයෙන් විදෙස් රටවලට ගොස් තිබේ.


    මේ වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණයක් ගෙන්වීමට තීරණය කර ඇති හෙයින් මෙරට වගා කළ හැකි සියලුම එළවලු හා පලතුරු වගා කිරිමට පියවර ගෙන ඇති බව පැවසු ඇමති රමේෂ් පතිරණ මහතා, කෘෂි කර්මාන්තය රටේ ආර්ථිකයෙන් 8%ක් වන අතර එය 12%-13% දක්වා වර්ධනය කරගැනීම සඳහා රජය ජනතාව වෙත ආරාධනා කර ඇති බව ද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya