මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී වසංගත රෝග විද්‍යා අංශයේ සේවය අතිවිශිෂ්ටයි

    අප්‍රේල් 22, 2020

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සියලු අංශ විසින් මේ වන විට කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටී. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් දැඩි කැපවීමකින් කරනු ලබන කාර්ය භාරය අගය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වසංගත රෝග විද්‍යා අංශයට පැමිණි අතර ඔවුන් අඩු පහසුකම් මධ්‍යයේ කරනු ලබන සේවාව අමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය.

     

    ඒ අතරින් විශාල කාර්යභාරයක් ඉටුකරන වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිවා රාත්‍රියේදී තම සේවා කටයුතු ඉටුකරමින් සිටී.ඔවුන් දැඩි කැපවීමකින් මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි.

    විශේෂයෙන් ඔවුන්ගේ ආයතන තුළ ඇති සීමිත ඉඩකඩක් තුළ විශිෂ්ට සේවාවක් කිරීම පිළිබඳව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියගේ විශේෂ අවධානයට ලක්වුණු අතර ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමට කටයුතු කරන බව කාර්ය මණ්ඩලයට පැවසීය.

     

    මෙම අවස්ථාවට වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

     

    මේ අතර මෙම Covid -19 වසංගතය මර්දනය කිරීම වෙනුවෙන් විද්වත් හා ප්‍රායෝගික උපදෙස් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතුව සිටිය සහ විශ්‍රාම ගිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරුන් සමඟ විද්වත් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් (20) දින පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

     

    මෙහිදී ඔවුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ කරන විටදී ලබාගත් අත්දැකීම් සහ ප්‍රායෝගික දැනුම මෙන්ම නව යෝජනා රාශියක්ම අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන ලදී.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන,අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස් සහ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya