මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    4348 දෙනෙක් නිරෝධානය අවසන් කරයි

    අප්‍රේල් 22, 2020

    ශ්‍රි ලංකා යුද හමුදාව හා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නරෝධාන මධ්‍යස්ථාන වලින් (21)දින 149 දෙනෙක් තම නිරෝධාන හා PCR පරික්ෂණ වලින් පසුව නිවෙස් කරා පිටත්ව ගිය බව යුද හුමදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

     

    ඒ අනුව 4348 දෙනෙක් මේ අනුව නිරෝධානය අවසන් වි තම නිවෙස් කරා ගොස් ති⁣බේ.එසේම 1582ක් තවදුරටත් නිරෝධායනය වේ. (20) හා (21) දින උදෑසන කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ නොවිඩ් -19 ආසාදිතයින් වැඩිවීමක් සමඟ එම ප්‍රදේශයේ 242ක් (20) දිනයේ දී නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලදී.

    (21)දින පවුල් 242ටඅයත් 1010 ක් වු සංඛ්‍යාවක් නිරෝධායනය කිරිම සඳහා යුද හමුදාවේ නිරෝධායන කඳවුරු 3ක් වෙත රැගෙන යනු ලැබීය. (20) දිනයේ දී සොයා ගනු ලද ආසාදිතයින් 2ක් බොරලැස්ගමුවෙන් හා පිළියන්දලින් සොයා ගත් අතර මොවුන් සමඟ ඇසුරු කළ ඔවුන්ගේ පවුලේ අය හා අනෙක් සියලු දෙනා සම්බන්ධයෙන් මේ වන විට PCR පරීක්ෂණ වලටත්,නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටත් කටයුතු කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

    බොරලැස්ගමුවේ ආසාදිත පුද්ගලයා ගමන් කළ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ හෙඳ කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරිමට කටයුතු කළ අතර එම පෞද්ගලික ආරෝග්‍ය ශාලාව වසා දැමීමට උපදෙස් ලබා දී තිබේ.

    පිලියන්දල ප්‍රදේශයේ සොයා ගන්නා ලද පුද්ගලයා හා පවුලේ අයවලුන් හා ළගින් ඇසුරු කළ පුද්ගලයින් සියලු දෙනාම (21) දිනයේ දී නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු යොදා තිබේ යැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya