මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථානයේ සිරවී සිටි ශ්‍රී ලාංකික පිරිසක් දිවයිනට - විශ්වවිද්‍යාල සිසුන් ද එයි

    අප්‍රේල් 21, 2020

    කොරෝනා වෛරසයේ පැතිරීම හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු ශ්‍රී ලාංකික පිරිසක් ගෙන්වා ගැනිම සඳහා පිටත්ව  ගිය විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණියේ ය.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1205 දරන ගුවන් යානය එරට රැදී සිටින පිරිස රැගෙන ඒමට අද(21) උදෑසන පාකිස්ථානයේ කරච්චි නුවර බලා පිටත්ව ගොස් තිබූ අතර අද සවස 6.05 ට පමණ පෙරලා කටුනායකට පැමිණියේ ය.

    විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට පැමිණිම හා ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථාන සදහා යොමු කිරීම දක්වා වූ ක්‍රියාවලියේ සූදානම ඊයේ (20) අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ද ඇමතිවරයාගේ පරික්ෂාවට ලක් විය.

    පැමිණෙන සෑම අයෙකුම මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කිරීම, ගුවන්යානයෙන් බැස ගුවන්තොටුපොලට රැගෙන ඒම, නැවත නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට රැගෙන යන කාල සීමාව තුළ මෙම අය රදවා තබා ගැනීම හා ඔවුන්ට පහසුකම් සැලසීම යන කරුණු කෙරෙහි ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර ඒ සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ඇමතිවරයා ගුවන්තොටුපොල බළධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.

    දිවයිනට පැමිණෙන කිසිවෙකු බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට ගුවන්තොටුපොලේදී ඉඩ නොලැබෙන බැවින් පිටස්තර කිසිවෙකුට ගුවන්තොටුපොලට පැමිණීමට අවසර නොමැති බව අවධාරණය ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර තිබුණි.

    මේ අනුව පාකිස්ථානයේ රැදී සිටි අයවලුන්ගෙන් 106 දෙනෙක් හා පුහුණුවට ගිය යුද, ගුවන් හා නාවික හමුදාවේ අය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත  රැගෙන යෑමට කටයුතු කර තිබෙන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya