මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අභියෝග ආශිර්වාදයක් කරගනිමින්, සෑම මොහොතක ම දැනුම අලුත් කර ගන්න”- අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය

    අප්‍රේල් 21, 2020

    ජීවිතයේ සෑම මොහොතකම අධ්‍යාපනය සහ දැනුම එක් කරගන්නට සිසු දරුදැරියන් ලෙස ඔබ සැම අදිටන් කරගත යුතු බවත්, ඒ සඳහා  (20) දින සිට ශ්‍රී ලාංකේය දරුවන්ට තිළිණ කෙරෙන ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව ඉතා වැදගත් මෙහෙවරක් ඉටුකරනු ඇති බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

     

    හැදෙන අපි - හදන තැන තේමාවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අභිනවයෙන් ආරම්භ කරන ගුරු ගෙදර රූපවාහිනී අධ්‍යාපන නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.


    මිලියන 5කට ආසන්න ශ්‍රී ලාංකීය දූ දරුවන් විසිවැනි සියවසේ නව ලොව අත්දැකීම් අත්පත් කරගනිමින්, නව ප්‍රවණතා හඳුනා ගනිමින්, අනාගත ඉලක්ක ජයගැනීම පිණිස සූදානම් කරවීමේ අරමුණින් ගුරු ගෙදර තනා දුන් බවත්, එහි උපරිම ප්‍රතිඵල සිංහල මව්බස කරගත් දරුවන් ද, දෙමළ මව්බස කරගත් දරුවන්ද එකසේ අත්පත් කර ගත යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.


    පසුගිය වසරේ අප්‍රේල් 21 දිනය ශ්‍රී ලංකා ඉතිහාසයට එක් වූයේ සුවහසක් ජනතාවගේ ලෙයින් කඳුළින් සහ කම්පනයෙන් වුවද මේ වර්ෂයේ අප්‍රේල් 20 වනදා, එනම් අද දිනය ශ්‍රී ලාංකේය ඉතිහාසයට එක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පියවරක් ඉදිරියට තබමින් අනගිතම දායාදයක් දැයේ සිසු දූ දරුවන් වෙත පිරිනමමින් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


    මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නිපුනතා සංවර්ධන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, විභාග කොමසාරිස් ජනරාල්, ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya