මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (21) දිවයිනට

    අප්‍රේල් 21, 2020

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන,
    ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියානු හා පාකිස්ථාන විශ්ව විද්‍යාල වල සිරවී සිටි ශිෂ්‍ය ශිෂ්‍යවන් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙන එන බවයි.


    මේ සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL1208 විශේෂ ගුවන් යානය හෙට කරච්චි ගුවන්තොටුපොල බලා පිටත්ව යන බවත් කරච්චි ගුවන්තොටුපොලින් එම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් නංවාගනෙ අනතුරුව ලානෝර් ගුවන් තොටුපොලට ගොස් එහි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද රැගෙන කොළඹට පැමිණෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.


    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ තොරතුරු හෙළිකළේ ඊයේ (20) කටුනායක ගුවන් තොටුපොලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුවය. විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට පැමිණිම හා ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථාන සදහා යොමු කිරීම දක්වා වූ ක්‍රියාවලියේ සූදානම මෙහිදී ඇමතිවරයාගේ පරික්ෂාවට ලක් විය. පැමිණෙන සෑම අයෙකුම මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කිරීම, ගුවන්යානයෙන් බැස ගුවන්තොටුපොලට රැගෙන ඒම, නැවත නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට රැගෙන යන කාල සීමාව තුල මෙම අය රදවා තබා ගැනීම හා ඔවුන්ට පහසුකම් සැලසීම යන කරුණු කෙරෙහි ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර ඒ සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ඇමතිවරයා ගුවන්තොටුපොල බළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


    ගුවන්තොටුපොල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් G.A චන්ද්‍රසිරි මහතා මෙහිදී කීවේ හෙට සිට කණ්ඩායම් ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමට රජය කටයුතු යොදා ඇති බවයි. ගුවන්තොටුපොලට පැමිණෙන මෙම පිරිසේ ශරීර උෂ්ණත්වය මුලින්ම මැන බලන බවත් පසුව ඔවුන් ගුවන් තොටුපොල තුළට රැගෙන විත් ආගමන විගමන කටයුතුද අවසන් කර නිරෝධායන මධස්ථාන වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ වෙත භාර දෙන බවත් සභාපතිවරයා කීවේය.

     

    මෙලෙස දිවයිනට පැමිණෙන කිසිවෙකු බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට ගුවන්තොටුපොලේදී ඉඩ නොලැබෙන බැවින් පිටස්තර කිසිවෙකුට ගුවන්තොටුපොලට පැමිණීමට අවසර නොමැති බව අවධාරණය කල සභාපතිවරයා දිවයිනට පැමිණෙන සිය ඥාතීන් බැලීමට ගුවන්තොටුපොලට පැමිණීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කීවේය.


    ගුවන්තොටුපොල කළමණාකරු එච්.එස් හෙට්ටිආරච්චි මහතා සදහන් කලේ, විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන් වීම හා ඊට අදාළ කටයුතු ගුවන්තොටුපොල තුල සිදුවන්නේ සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අංශ
    උපදෙස් මත බවයි. මෙම ගුවන් මගීන්ට අවශ්‍ය ආහාර පාන පහසුකම් සැලසීමටද ගුවන්තොටුපොල බළධාරීන් පහසුකම් සැලසීමටද ගුවන්තොටුපොල බළධාරීන් කටයුකු යොදා ඇති බව ඔහු කීවේය.


    මෙම කටයුත්ත භාරව සිටින වෛද්‍ය හේමත්න හේරත් මහතා සදහන් කළේ පැමිණෙන සියලු දෙනාගේ පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු ද යොදා ඇති බවයි. රෝගය වැලදීමේ අවධානම සහිත අයෙකු හදුනාගතහොත් ඔහු හෝ ඇයව කෙලින්ම රෝහල් ගත කිරීමටද අවශ්‍ය පිවයර ගෙන ඇති බව පැවසූ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැමිණෙන සියළු දෙනා ඉතා ඉක්මනින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සෞඛ්‍ය අංශවල අපේක්ෂාව බවද කීවේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya