මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ප්‍රහාරය සිදු වී වසරක් ගතවෙයි

    අප්‍රේල් 21, 2020

    කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසරක් සම්පූර්ණ වෙයි.

    පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින පෙරවරුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින් අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන  ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ය.

    පාස්කු ප්‍රහාරය හේතුවෙන් ජීවිත රැසක් රටට අහිමි විය. පැවැති රජය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කළ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් ද පත් කළේ ය.

    කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් සමාජයේ විවිධ පරස්පර කථිකාවන් ගොඩ නැගී තිබූ අතර අති උතුම් කාදින්ල්තුමා ද පරීක්ෂණ විධිමත්ව හා විනිවිදභාවයෙන් සිදු කළ යුතු බවට ප්‍රකශ කර තිබුණි.

    පැවැති රජය වෙනස් කරමින් බලයට පැමිණි නව රජය විසින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ආරම්භ කළ අතර එම විමර්ශන ඉතාමත් සාර්ථක ලෙස මේ වනවිට සිදු කරමින් පවතින අතර ඉතා වැදගත් කරුණු රැසක් මේ වනවිට හෙළි වී තිබෙන බව පොලීසිය පවසන අතර විමර්ශන කිසිදු බලපෑමකට නතු නොවී සිදු කිරීමට හැකියාව උදා වී තිබේ.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන රජයේ උපදෙස් මත සාර්ථකව සිදු කිරීම පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා රජය වෙත සිය ප්‍රසාදය පළ කර තිබුණි.

    පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සෑම නිවසකම ආගමික ස්ථානයකම පහනක් හෝ ඉටි පන්දමක් දල්වා ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලත් අය සිහි කරමින් ආශිර්වාදය පළ කරන ලෙස අතිඋතුම් කාදිනල්තුමා ඉල්ලා සිටියේ ය.

    එමෙන්ම සෑම බෞද්ධ විහාරස්ථනයකම ඝාණ්ඨාර නාද කරමින් ආගමික වතාවත් සිදු කරමින් ප්‍රහරයෙන් මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමට කටයුතු කරන ලෙස මහ සංඝරත්නය කටයුතු කිරීමට නියමිතය. පාස්කු ප්‍රහාරයට ලක් වූ සියලු දෙනා සිහි කරමින් තමන් අදහන ආගම අනුව ආශිර්වාද සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya