මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට යළි යථා තත්ත්වයට පත් කිරීමට වෙනස්කම් රාශියක්- දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ රට තුළට ගෙන ඒම මාස 3 කට තහනම් - ගැසට් පත්‍රයක් නිකුත් කළා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    අප්‍රේල් 20, 2020

    රට යළි යථා තත්ත්වයට පත් කිරීමට වෙනස්කම් රාශියක් අද(20) සිට ක්‍රියාත්මක කිරිමට රජය පියවර ගෙන ඇතැයි ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (19) ර⁣ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

     

    පාසල් දරුවන් මේ වන විට ලක්ෂ 44ක් හා විශ්ව විද්‍යාල විද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන් මේ වන විට නිවෙස් වලට වී සිටින හෙයින් අද (20) පෙ.ව. 8.00 සිට ජාතික රූපවාහිනිය මඟින් පාසල් දරුවන සඳහා අධ්‍යාපන නාලිකාවක් ක්‍රියාත්මක වේ.මෙය රාත්‍රි 12 දක්වා විකාශනය වන බව ඇමතිවරයා කීය.

    එසේම පසුගිය (18) දා ආනයන අපනයන පාලන ගැසට් පත්‍රය යටතේ ගැසට් නිවේදනයක් කළ බවත්,මුදලේ අගය ආරක්ෂා කර ගැනීමටත්,රුපියල කඩා වැටීම වළක්වා ගැනිමටත් මෙම ගැසට් පත්‍රය නිකුත් කිරිමට හේතුවබව සදහන් කරයි.

    එසේම රටින් පිටට ගලා යන විදේශ විනිමය හා රට සල්ලි ප්‍රමාණය අඩු කර ගැනීමටත් රට තුළට ගලා එන විදෙශ විනිමය වැඩි කර ගැනිමත් ඒ මඟින් ගෙවූම ශේෂයේ තිබෙන අසමතුලිතතාවය අඩු කර ගැනීමටත් මෙහිදි හැකි වන බව ඇමතිවරයා කීය.

    මෙම ගැසට් පත්‍රය මඟින් කවර ආනයන සීමාවන්,තහනම් කිරීම් යනාදිය සඳහන් කරතිබෙන අතර මේ වනවිට අපට අවශ්‍ය තරම් වියදම් කිරීමට විදේශ විනිමය නොමැති නිසා යම් භාණ්ඩ ප්‍රමාණයක් රට තුළට ගෙන ඒම මාස 3 කට තහනම් කර තිබේ.ඒඅතර මෝටර්ථ, ශීතකරණ,සුභෝපඛෝගී භාණ්ඩ හා දෙශීය වශයෙන් නිෂ්පාදනය කිරිමට හැකි එළවළු හා පළතුරු වර්ග,ගම්මිරිස් මෙන්ම අපේ රටේ වගා කර හැකි උදු වැනි දේවල් හා අවශ්‍ය නොවන සියලු භාණ්ඩ මෙ අතරට අයත් වේ.

    එසේම සමහර භාණ්ඩ ආනයනය අකර්මන්‍ය කිරීම සඳහා බදු ඉහළ දමා තිබෙන බව පැවසු බන්දුල ගුණවර්ධන ඇමතිවරයා,එසේ වුව ද සුළු පරිමාණ,මධ්‍ය පරමාණ හා මහාපරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු ම යෙදවුම් ,අමුද්‍රව්‍ය ආනයන කිරිමට අවස්ථාව ලබා දී තිබෙන බව පැවසීය.

    මේනිසා පාරිභෝජන භාණ්ඩ හා කර්මාන්ත සඳහා අවශ්‍ය හිඟ නොවන බව කීය.

    මෙ සම්බන්ධයෙන් යම් ගැටලුවක් විශේෂයෙන් අපනයනකරුවනට ඇති වුහොත් මුදල් අමාත්‍යාංශ⁣යේ ලේකම්වරයාට අභියාචනයක් මඟින් දැන්වා සිටින ලෙස ඉල්ලීමක් ක⁣ළේය.

    එසේම වන විට විදේශ වින්මය රට තුළට ගලා ඒම වර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ විශේෂිත ගිණුමක් අරම්භ කර තිබේ. මාස 06 කට වඩා ⁣මෙහි මුදල් තැම්පත් කරන ගිණුම් හිමියන්ට සාමාන්‍ය ගිණුම් පොලියට වඩා 2%ක පොලියක් හිමි වන අතර බදුවලින්ද නිදහස් කර තිබේ.

    මේ නිසා විදේශයන් හී වෙසෙන ශ්‍රි ලාංකිකයන්ට හා විදේශිකයන්ට මෙහි මුදල් තැම්පත් කරන ලෙස ඉල්ලීමක් කළ අතර මෙසේ මුදල් රට තුළට ගලා ආවොත් ඩොලරය අගය 185 දක්වා අව ප්‍රමාණය වනු ඇතැයි ද ඇමතිවරයා විස්වාසය පළ කර සිටියි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya