මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෝරාගත් උපාධිධාරීන්ට ස්ථීර වශයෙන් පත්වීම් දෙනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 07, 2020

    උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබාදීමේවැඩපිළිවෙල යටතේ තේරාගනු ලැබූ උපාධිධාරීන් 45 585 දෙනාට ස්ථීර වශයෙන් එම පත්වීම් ලැබෙන බවත්, ඒ ගැන කිසිඳු සැකයක් ඇති කරගත යුතු නැති බවත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන හා තාක්ෂණ සහ නවෝත්පාදන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    තෝරාගෙන සිටින උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ නම් මාර්තු 11 දා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළ කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ගුණවර්ධන මහතා කීය.

    මෙසේ තෝරාගෙන ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන් වෙනුවෙන් මහ මැතිවරණයෙන් සතියකට පසු එනම් මැයි මස මුල සිට පුහුණුවීම් ඇරඹීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පුහුණුව ලබන කාලය තුළ ඔවුන්ට මසකට රුපියල් 20 000ක දීමනාවක් ගෙවනු ලැබේ. මෙතෙක් පත්වීම් ලැබී නැති උපාධීධාරීන් මාර්තු 11 දායින් පසු වෙබ් අඩවිය පරීක්ෂා කර බලා තමන්ගේ නම් එහි සඳහන් නොවේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මීට පෙර පත්වීම් ලිපිය ලැබී දින හතක් තුළ පත්වීම භාර නොගන්නේ නම් පත්වීම අහෝසිවන බව කළ ප්‍රකාශය තවදුරටත් වලංගු නොවන බවද පවතින තත්වය යටතේ එම ප්‍රකාශය නිශේධනය වන බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය. ඒ අනුව උපාධිධාරීන් පත්වීම් සඳහා අයදුම්පත නිසා ආකාරයෙන් පුරවා ඇති අයනම් සුදුසුකම් අනුව රැකියාව අනිවාර්යයෙන් ලැබෙන බවද ගුණවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya