මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කච්චතිවු ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද

    මාර්තු 07, 2020

    යාපනය කච්චතිවු ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද(07) උදෑසන පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලාංකික බැතිමතුන් 7000 ක් පමණත්, ඉන්දියානු බැතිමතුන් 3000 ක් පමණත් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.

     

    මෙම බැතිමතුන් සඳහා අවශ්‍ය තාවකාලික නවාතැන්, පානීය ජලය, සනීපාරක්ෂක සේවා, වෛද්‍ය පහසුකම් සහ විදුලි බලය සැපයීම,
    යාත්‍රා නවතා තැබීමට අවශ්‍ය තාවකාලික ජැටි ඉදිකිරීම ඇතුළු පහසුකම් නාවික හමුදාව විසින් මේ වනවිට සූදානම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම උත්සව කාලය තුළ විශේෂ ජීවිතාරක්ෂක කණ්ඩායම් ද මෙම ප්‍රදේශයට අනුයුක්ත කර තිබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya