මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව විශේෂ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි

    මාර්තු 06, 2020

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් ඊයේ (06) වන දින බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල්
    කොබ්බෑකඩුව මාවත, 234, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී දෙපාර්ශවය විසින් විශේෂ සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි.

    බොහෝ පුහුණු ලාභීන් විවිධ පෞද්ගලික අංශයේ ආයතන හරහා විදේශ රැකියා අවස්ථා ලබාගනු ලබන අතර මෙම අත්සන් කරනු ලැබූ සහයෝගිතා ගිවිසුම මගීන් විදේශ රැකියා සඳහා ක්‍රමාණු කූල ප්‍රවේශයක් වනු ඇති බව බලාපොරොත්තු වේ.

     

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පාඨමාලා හදාරා නිපුණතා ලබා ගත් පුහුණුලාභීන් අවසානයේ දේශීය විදේශීය රැකියා  සඳහා යොමු  කරනු ලැබේ. 1995 සිට මේ දක්වා අප විසින් විවිධ පෞද්ගලික විදේශ රැකියා ආයතන මගින් විදේශ රැකියා සඳහා  යොමු කළ ද,  එය තවදුරටත් විධිමත් වූ ක්‍රම වේදයකට සිදු කිරීමේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග අත්වැල් බැඳ ගැනීමට කටයුතු කරනු ලැබේ.

    ජාත්‍යන්තර ශ්‍රම වෙළද පොළ අවශ්‍යතාවයන් හඳුනා ගැනීමත්, ඒ  අනුව පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමේ වගකීම දරන රාජ්‍ය ආයතනය වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත්, දේශීය මෙන්ම ජාත්‍යන්තරයට ගැළපෙන පුහුණු ශ්‍රමිකයන් පුහුණු කිරීමේ ජාතික වගකීම දරණ ආයතනයක් වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආධිකාරියත් අතර ඇති කර ගන්නා මෙම සහයෝගිතා ගිවිසුම මගින් පහත කරුණු ඉටු කර ගැනීමට බලාපොරොත්තු වේ.


    මෙහිදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රය, මෝටර් රථ, විදුලි ශිල්පී, පෑස්සුම් ශිල්පී සහ ආගන්තුක සත්කාර (Elder care) පාඨමාලා පැවැත්වීමට මධ්‍යස්ථාන 08 ක් ස්ථාපිත කර ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම මෙන්ම, එම පුහුණු ලාභීන් විදේශ රැකියා අවශ්‍යතා අනුව විදේශ රැකියා සදහා යොමු කිරීමට බලාපොරොත්තු වේ. මෙමගින් ඔවුන්ගේ පවුල් නගා සිටුවීමටත් ජාතික ආර්ථිකයට දායකත්වය දැක්වීමටත් අවස්ථාව ලැබෙනු ඇත. තවද ඔවුනට නිපුණතාවය ලබා දීම හැරුණු කොට භාෂා ප්‍රවීණතාවය ලබා දීමත් සිදු කෙරේ.

     

    එසේම විදේශ රැකියා සඳහා පාඨමාලාවල වෙනස් විය යුතු අංශ හඳුනාගෙන ඒවාට විසදුම් ලබා ගැනීමට මේ හරහා බලාපොරොත්තු වේ.(Gap filling program) එසේම, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්  විදේශ රැකියා අවස්ථා හදුනා ගැනීම,  ඒ සඳහා අවශ්‍ය පුහුණුලාභීන්ට මග පෙන්වීම, අපගේ ආධුනිකයන්ට විධිමත් විදේශ රැකියා සඳහා යොමු වන ආකාරය පිළිබදව දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, රැකියා බැංකුවෙහි  ලියාපදිංචි වීමේ හැකියාව මෙන්ම විදේශ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට රැකියා වෙළද පොල පැවැත්වීම මෙම සහයෝගිතා ගිවිසුම මගීන් සිදු  කරනු ඇත.


    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ දැවැන්තම ආයතනය වන අතර මේ වන විට දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 22ක් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 08 ක් හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 181ක් කින් යුත් සමස්ත මධ්‍යස්ථාන 216 කින් සමන්විත වේ.


    2020 වර්ෂයේ පුහුණු ධාරිතාව 75,000 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති අතර මොවුන්හට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රැකියා සැපයීමට සැලසුම්කර ඇත.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya