මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පවත්වන දේව මංගල්‍යයට සියල්ල සූදානම්

    මාර්තු 06, 2020

    කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පවත්වන දේව මංගල්‍ය හෙට(07) දින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙවර දේව මෙහෙය සඳහා දේශීය බැතිමතුන් 7000 ක් පමණ සහ ඉන්දියානු බැතිමතුන් 3000 ක් පමණ පැමිණෙතැයි අපේක්ෂා කරන බව නාවික හමුදාව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් මංගල්‍යය සඳහා අවශ්‍ය විදුලිබලය, සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජලය, ඇතුළු යටිතල පහසුකම් සැපයන අතර උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව කටයුතුකරමින් දේශීය බැතිමතුන් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද නාවික හමුදාව විසින් සපයයි.

    වාර්තා කළේ - ප්‍රභාෂිණී දේශබන්දු

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya