මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පොහොර ප්‍රතිපත්තිය සකස් කිරීම කඩිනම් කෙරේ

    මාර්තු 06, 2020

    ජාතික පොහොර ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා ක්ෂේත්‍රෙය් විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, එහිදී සකස් කරනු ලබන කෙටුම්පත සම්බන්ධයෙන් අදාළ අනෙකුත් පාර්ශවයන්ගෙන් සහ මහජනතාවගෙන් අදහස් ලබාගෙන අවසන් කෙටුම්පත කඩිනමින් පිළියෙල කිරීම සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා (04) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි.

    1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත මගින් පොහොර ආනයනය, නිෂ්පාදනය, සකස් කිරීම සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසා තිබුණද එම පනත මේ දක්වා කිසිදු සංශෝධනයකට ලක්ව නොමැත.

    වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මෙම පනත යාවත්කාලීන කිරීමට කටයුතු සම්පාදනය කර තිබුණද මේ දක්වාම විධිමත් ජාතික පොහොර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොමැති වීම මෙම ක්ෂේත්‍රෙය් ප්‍රගමනයට විශාල බාධාවකි.

    ඒ අනුව මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya