මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ථක මෙහෙයුමකින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාවන් දික්ඕවිට ධීවර වරායට

    මාර්තු 06, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 (ක්‍රි.මී 1111) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද කෝටි 600කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාවන් මාර්තු 05 උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.

     

    පොලී‍ස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් වන ශ්‍රී ලංනානෞ සමුදුර සහ ශ්‍රී ලංනානෞ සයුරළ යන නෞකාවන් මසකට ආසන්න දීර්ඝ මෙහෙයුමක යොදවන ලද අතර, මෙහිදී ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු සීමාවේදී හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 75 ට ආසන්න ප්‍රමාණයකුත් අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ 66 කට ආසන්න ප්‍රමාණයකුත් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රි ලාංකික ධිවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදුවිය.

    වැඩිදුර විමර්ෂණයේදී ශ්‍රී ලංකාවෙන් බහුදින ධීවර කටයුතු කරන මුවාවෙන් පිටත්වූ ධිවර යාත්‍රාවන් හට මත්ද්‍රව්‍ය ලබාදීමට ගැඹුරු මුහුදේ රැදීසිටි ධජ හිමි රාජ්‍ය (Flag State) රහිත යාත්‍රාවක් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගන්නා ලද අතර, පසුව එහිදී ලබාගත් තොරතුරු මත එලෙසම ගැඹූරු මුහුදේ රැදී සිටි තවත් එවැනිම ධජ හිමි රාජ්‍ය (Flag State) රහිත මුහුදු යාත්‍රාවක් දින 04 ක දීර්ඝ මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එහිදී සිදුකල පරීක්‍ෂාවේදී එම යාත්‍රා තුල තිබී හෙරෝයින් බවට සැක කෙරෙන තවත් මත්ද්‍රව්‍ය පැකට් 329 ක ප්‍රමාණයකුත් අයිස් බවට සැකකෙරෙන තවත් මත්ද්‍රව්‍ය පැකට් 50ක ප්‍රමාණයකුත් සොයා ගන්නා ලදි.

     

    ඒ අනුව මෙම සමස්ත මෙහෙයුමේදී පැකට් 397 ක් තුල අසුරා තිබූ හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ.400 ක පමණ ප්‍රමාණයක්ද පැකට්100 තුල අසුරා තිබූ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ.100 පමණ ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. මෙය මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන අතර, ඒ අනුව එලෙස අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය. සැකකරුවන් සහ යාත්‍රාවන්   දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි.

    මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් පැමිණ සිටි අතර, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් යාත්‍රාව, සැකකරුවන් 21 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මඟින් සිදු කිරීමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya