මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් නිලධාරින් 5987 නැවත සේවය පිහිටු විමේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    පෙබරවාරි 20, 2020

    ශ්‍රි ලංකා පොලීසිය හා විශේෂ බලකායේ සේවයේ අතහැර යාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් 5987 නැවත සේවය පිහිටු විමේ සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබු යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ඒ අනුව,දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ සැළකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින අතර එම පුරප්පාඩු සඳහා අලුතින් බඳවාගැනීම් සිදු කර අවශ්‍ය පුහුණුව ලබා දී සේවයේ යෙදවීම සඳහා සැළකිය යුතු කාලයක් හා වියදමක් දැරිය යුතු වේ. එබැවින් දැනට පොලිස් මුලික පුහුණු ලබා ඇති,එහෙත් මේ වන විට විවිධ හේතූන් මත සේවය අතහැර යාමේ නියෝග ලබා ඇති පළපුරුදු නිලධාරින් නැවත සේවයට එක් කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කර ඒ සඳහා සොයා බැලීමට කමිටුවක් පත් කර එම කමිටු නිර්දේශ පදනම් කරගෙන අදාළ නිලධාරින්ගේ අනුමැතිය සහිතව නැවත සේවයේ පිහිටුවීම සඳහා මෙම යොජනාවලිය ඉදිරිපත් කර තිබේ.

    එසේම වයස අවුරුදු 50ට අඩු එක් වසරක් හෝ දුෂ්කර සේවයේ නිරත නිලධාර්න් සඳහා මෙම අභියාචනාවන් ඉදිරිපත් කර හැකි බව අද (20) කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya