මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “වැඩකරන රටක්” තේමාවට අනුව මාර්ග පහක සංවර්ධන කටයුතු ආරම්භ වෙයි

    දෙසැම්බර් 18, 2019

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අබලන් මංමාවත් පහක් කාපට් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පසුගිය දා ආරම්භ විය.

    අවලංගු කර ඇත්තේ වැලි ප්‍ර‍වාහන බලපත්‍ර‍ පමණක් බවත් වැලි කැනීමට හෝ පස් කැනීමට ඇති බලපත්‍ර සම්බන්ධ නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පැවසීය.

     “මට තාම මතකයි වැලි ප්‍ර‍වාහනය කරන බලපත්‍ර‍ය අවලංගු කරන යෝජනාව කැබිනට් එකට ගෙනාවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමත්. එතුමා කිව්වා මේ වැලි පර්මිට් එක පාරෙ ගෙනියන එක නතර කරන්න ඕන. මේකෙන් මහා හොරකමක් වෙනවා. මේකෙන් මහා දූෂණයක් වෙනවා. මේ රටේ වැලි ලෝඩ් එක රුපියල් 8000 ඉඳලා 45 000 ක් දක්වා වැඩිවෙලා තියෙනවා. මේ යන්නේ අතරමැදියට. ඒ නිසා මාවතේ ගමන් ගනිද්දී මේ පර්මිට් එක ඕන නැහැ කියලා තීන්දුවක් ගත්තා. කැබිනට් එකේදී ඒ තීන්දුව ගනිද්දී මමත් කතා කරපු එක්කෙනෙක්. සංවර්ධනය වෙනකොට මේවයෙ මිළ පහත හෙළන්න ඕන. මේක යන්නේ එක කණ්ඩායමකට. එක මණ්ඩලයකට. ඒ තීන්දුව ගත්තම අද එක්සත් ජාතික පක්ෂයේ අය මේ වැලි වලින් හොරාකාපු මිනිස්සු ඔවුන් මොනාද කියන්නේ ? මේ ගත්ත තීරණය වැරදියි කියලා. නෑ මේක නිවැරදියි. මේ පර්මිට් එක නැති කරේ පාරේ ගෙනියන්න මිසක් ඔයේ තියෙන වැලි ටික හාරන්න, එහෙම නැත්නම් තවත් තැනක තියෙන පස් ටික හොරෙන් කපන්න නෙවෙයි. ඒ නීතිය එහෙමම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ගෙනාව බොළඳ පර්මිට් එක වැරදියි කියලා තීන්දු කරපු අපි ඒක වෙනස් කළා. මේවා හොඳ තීන්දු. මේවා තීරණය විය යුතුයි. ගමේ මනුස්සයට ප්‍රාදේශීය ලේකම්ට දෙන්න පුළුවන් පර්මිට් වැලි ලෝඩ් 35 යි. ගමේ මිනිහත් වැලි ටික පෙනි පෙනී වැලි ටික රුපියල් 37 000 ට ගන්නවා. මේවා ගන්න බය වෙන්න හොඳ නැහැ. මේ රටේ ජනතාවට අවශ්‍ය කරන තීන්දු තීරණ ගන්න බයවෙන ආණ්ඩුවක් නෙවෙයි බලයට ඇවිල්ලා තියෙන්නේ කියන එක අපි පැහැදිලිව විපක්ෂයට මතක් කරන්න කැමතියි. ඒ තීන්දු තීරණ ගන්නේ දේශපාලඥයෝ වෙනුවෙන් නෙවෙයි. ඒ හැම තීන්දුවක් තීරණයක්ම ගන්නේ මේ රටේ බහුතර ජනතාව වෙනුවෙන්. ඒ වෙනුවෙන් මඩ ගහන්න හදයි. ෆේස්බුක් එක පාවිච්චි කරයි. ඩොලර් පාවිච්චි කරයි. මහ බැංකුවේ හොරාකාපු සල්ලි ටික පාවිච්චි කරයි. කොන්ත්‍රාත්වලින් ගත්ත සල්ලි පාවිච්චි කරයි. හම්බන්තොට වරාය විකුණද්දි ගත්ත සල්ලි පාවිච්චි කරයි. ඒත් අපේ ගමන අපි නවතින්නේ නැතිව යනවා කියන එක පැහැදිලිව විපක්ෂයට අපි මතක් කරනවා. මේ තීන්දු ජනතාවට. බදු අඩු කරලා ජනතාවටයි මේ සහන එන්නේ. එහෙම තීන්දු තීරණ ගන්න පුළුවන් ආණ්ඩුවක් යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “වැඩකරන රටක්” තේමාවට අනුව මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වාරියපොළ හා පොල්ගහවෙල ආසන යා කෙරෙමින් දිවෙන හංහමුණ උහුමිය මාර්ගය, වාරියපොළ ආසනයේ කිඩපොළ රත්කරව්ව මාර්ගය, හිරියාල ආසනයේ ලේනව අඹන්පොළ මාර්ගය, නිකවැරටිය ආසනයේ පළුගොල්ල මාර්ගය සහ රස්නායක පුර කනුකැටිය මාර්ගය යන මාර්ග පහ එසේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya