මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝගිමත්ව ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර දීම නව රජයේ අරමුණයි - සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි

    දෙසැම්බර් 18, 2019

    රජයේ වගකීම වන්නේ මාධ්‍ය සමඟ එකතුව රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම බවත්, ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම යනු මෙරට ජනතාවට නිරෝගිමත්ව ජීවත්ව සිටින්නට වටපිටාවක් නිර්මාණය කිරීම බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරිය මේ බව කියා සිටියේ,ඊයේ (17) වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති 2019 - සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙලට එක් වෙමිනි.

    එමෙන්ම, නිරෝගිමත් ජනතාව බිහි කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ මාධ්‍යවේදීන්ගේ කාර්යයභාරයේ පිළිබඳවද මෙහි දී අවධාරණය කර සිටියාය. වර්තමානයේ එක් වර්ෂයකට රජයේ රෝහල් වලට රුපියල් බිලියන 90 ක මුදලක් ඖෂධ සඳහා පමණක් වැය වන බවත් පැවසූ ඒ මහත්මිය, මෙවැනි සාධක ගෙන බලන කළ මෙරට ජනතාව නිරෝගී ද යන්න ප්‍රශ්නාර්ථයක් බවත්, පෙර රජ කාලවල පැවති නිරෝගිමත් ජන ජිවිත රටාව සහ එවැනි නිරෝගිමත් ජනතාවක් නැවත මේ රට තුළ බිහි කළ යුතු බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ මාධ්‍යවේදීන්ගේ එකතු වීම ඉතා වගකීමෙන් යුතුව සිදු කළ යුතු අවශ්‍යතාවයක් බවත් පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය වැඩි දුරටත් කියා සිටියාය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික සෞඛ්‍ය හොඳ මට්ටමකට ගෙන ඒමේ මතය දරණු ලබයි. බෝවන රෝග වලට වඩා බෝ නොවන රෝග තත්ත්වය දිනෙන් දිනම වැඩි වී ඇති බවත් වස විසෙන් යුතු ආහාර වලට යොමුවීම වැනි අහිතකර ආහාර රටාවකට යොමුවීම වැනි කරුණුත් මිට හේතු පාදක වී ඇති බවත්, එනිසා පැරණි ජිවන රටාව මෙරට තුළ නැවත ඇති කිරීමේ අවශ්‍යතාවය ඉතා දැඩිව පවතින බවත්, අධ්‍යාත්මිකව දියුණු සමාජයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත් ඒ මහත්මිය මෙහි දී අවසාන වශයෙන් සඳහන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya