මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයාමේ අවධානමට ලක්වු පවුල් කඩිනමි සුදුසු ස්ථානවල පදිංචි කිරීම රජයේ වගකීමක් - රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න

    දෙසැම්බර් 18, 2019

    නායයාමේ සහ නිරන්තර ගංවතුර අවදානමට ලක්වන පවුල් කඩිනමි සුදුසු ස්ථානවල පදිංචි කිරීම රජයේ වගකීමක් බවත්, නැවත අනතුරක් සිදුවුනහොත් එහි දෝෂාරෝපණය මහජන නියෝජිතයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට සෘජුවම එල්ලවන බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පළකලේ ඊයේ (දෙසැ.16) අපදාවන්ට ලක්වු පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් සඳහා කහවත්ත ප්‍රදේශයෙන් ලබා දීමට සැලසුම් කර ඇති ඉඩම් පිළිබඳව ක්ෂේත්‍ර නිරීක්ෂණයට එක්වෙමිනි.

     2017 වර්ෂයේ මැයි මාසයේ රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් විය.එහිදී පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ නායයාම් සහ ගංවතුර අවධානමට මුහුණ දුන් සහ පීඩාවටපත් පවුල් 220ක් වෙනත් ස්ථාන වල පදිංචි කිරීමට තීරණය කර ඇත.ඒ සඳහා කහවත්ත වැවිලි සමාගමට අයත් ඉඩම් අක්කර 11ක් රජයට පවරාගෙන ඇති අතර, එක් පවුලක් සඳහා පර්චස් 15ක ඉඩමක් සහ නිවාසයක් ඉදිකරගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් රජය මගින් ලබා දීමට නියමිතය.

     

    ඉඩම් නිරීක්ෂණයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,මේ ඉඩමේ ප්‍රධාන පාරවල්, විදුලිය,ජලය වැනි යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා අදාල අංශ කඩිනමින් දැනුවත් කරන්න.ඒ සඳහා අවශ්‍ය රජයේ මැදිහත්වීම සිදු කළ හැකියි. අපි එළඹෙන ජනවාරි මාසය තුලදීවත් ජනතාවට මේ ඉඩම් ලබා දී ඔවුන් පදිංචි කරවීම ආරම්භ කළ යුතුයි. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්තුමාට,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට,මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වගේම පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවටත් විශාල වගකීමක් සහ කාර්යභාරයක් පැවෙරනවා.ඒ වෙනුවෙන් සියළු දෙනාගේම කැපවීම අවශ්‍ය යි. සෙනෙවිරත්න මහතා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් පැවසීය.

     

    මෙම අවස්ථාව සඳහා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් බී.එස්.ජේ. රුවන්සිරි, ප්‍රාදේශීය මිනින්දෝරු අධිකාරී අසේල සිල්වා, ජාතික ගොඩනැගිලි පර්ෂයේෂණ ආයතනයේ භූ විද්‍යඥ අභීත වනසුන්දර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya