මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව- රජයේ නිල පුවත් වෙබ් අඩවිය සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙලේ ඇගයීමේ සම්මානයෙන් පිදුම් ලබයි

    දෙසැම්බර් 17, 2019

    සෞඛ්‍ය මාධ්‍ය සම්මන උළෙල 2019 , සම්මන උළෙලේ දී news.lk රජයේ නිල පුවත් වෙබ් අඩවිය අද (17) විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදු ලැබීය.

    එහි දී, වෙබ් මාධ්‍ය අංශයේ දැක්වූ දක්ෂතාවය වෙනුවෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහා විශිෂ්ටතා සම්මානය මනෝජා සමරනායක මෙනවියටත් සහ වෙබ් මාධ්‍ය අංශයේ දැක්වූ දක්ෂතාවය වෙනුවෙන් කුසලතා සහතිකය පූර්ණා නානායක්කාර මහත්මියටත් හිමි විය.මීට අමතරව දෙසතිය සඟරාව වෙනුවෙන් මාලා මල්කාන්ති මෙනවිය ද සම්මානයෙන් පාත්‍ර විය. එමෙන්ම සමස්ත විශිෂ්ටතා සම්මානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Info News වෙනුවෙන් නිලංකා උදේනි රත්නයක් සහ දේවිකා සිරිවර්ධන මහත්මියට හිමිවිණි.

    ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් මාධ්‍ය ඉටුකරන මෙහෙවර අගය කරනු වස් සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ නෙලුම් ශාලාවේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැත්විණි.

    2019 වර්ෂය පුරා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය සම්මන්ත්‍රණ රැසක් සංවිධානය කරන ලදී. ඊට අමතරව නිවැරදි තොරතුරු ජනතාව වෙත රැගෙන යාම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡා, ප්‍රවෘත්ති නිවේදන ආදිය ද යොදා ගන්නා ලදී. මෙම වසර පුරාවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අත්වැල් බැඳගත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.

    මෙම මාධ්‍ය සම්මාන උළෙල සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යයංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, සෞඛ්‍ය නිළධාරීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන් රැසක් සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya