මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙල අද

    දෙසැම්බර් 17, 2019

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය, ප්‍රවර්ධනය සහ මහජනතාව දැනුවත් කිරීම උදෙසා කටයුතු කළ රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරන ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් අගය කරමින් ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීම අද (17) සිදු කෙරේ.

    බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දී මෙම සම්මාන උළෙල පෙ.ව 9.30ට ආරම්භ වෙයි.

     කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නි ආරච්චි මහත්මිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.

    මේ අවස්ථාවට සෞඛ්‍ය ක්ෂේත්‍රය ආවරණය කරන ජනමාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව මෙහි සංවිධාන කටයුතු සිදු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya