මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරිඟු පිටි සඳහා වන බද්ද රු. 36 සිට රු. 8 දක්වා අඩු කෙරේ

    දෙසැම්බර් 16, 2019

    ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රු. 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී තිබේ.

    මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් දෙසැම්බර් මස 14 වන දින සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වේ.


    ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිභෝජනය සඳහා වන තිරිඟු පිටි අවශ්‍යතාවයට තිරිඟු ඇට ආනයනය කර දේශීය වශයෙන් පිටි බවට පත්කිරීම මෙතෙක් සිදු විය. පිටි කිලෝග්‍රෑමයක් සඳහා රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.


    වෙළෙඳපොලේ ඉහළ ගිය සහල් මිල පාලනය කිරීම සඳහා සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑමයකට රු. 98 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද අතර, තිරිඟු පිටි ආනයනය කිරීමට අවස්ථාව සලසමින් තිරිඟු පිටි සඳහා පැවැති බදු අඩුකිරීමට ද තීරණය කරන ලදී.
     

    ඒ අනුව, පිටි කිලෝග්‍රෑමයකට රු. 36 ක් පමණ වූ ඒකාබද්ධ තීරුබදු ප්‍රමාණය ඉවත් කර ඒ වෙනුවට රු. 8 ක වෙළෙඳ භාණ්ඩ බද්ද නියම කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya