මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නිල ධජය එළිදැක්වෙයි

    නොවැම්බර් 19, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ධජය මේ වනවිට ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

    පාලකයා සතු නිර්මල පාලනය සංකේතවත් කරන එම ධජය ස්වාධීන රූපවාහිනී සේවයේ නිර්මාණ අධ්‍යක්‍ෂ ජගත් ජයසිංහ මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇත.

    ජනාධිපතිතුමාගේ ධජයේ දැක්වෙන නෙළුම් මලෙහි කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් යසස හා කීර්තිය සැම අත පැතිර යන අයුරු නිරූපණය කෙරේ.

    නෙළුම් මල වටා ඇති කහ පැහැති වෘත්තයෙන් ප්‍රඥාව ද සුදු පැහැති වෘත්තයෙන් සත්‍යවාදී බව ද නිරූපණය වේ. සිව්කොණ පිහිටි නාමල් සතරින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව්දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරය ද නාමලේ තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාව ද කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාව ද නිරූපිතයි.

    එකිනෙක අභිමුඛව පිහිටුවා ඇති වී කරල් හා ඒ අතර තිබෙන කුරහන් මල් සතර සහිත රාමුවෙන් සශ්‍රීකත්වය සංකේතවත් කෙරේ. එක සමාන පළලින් යුත් සුදු තීරුව මගින් නිරූපණය කෙරෙන්නේ සියලු ආකාරයන්ගෙන් සලසන ආරක්‍ෂාවයි.

    එක සමාන පළලකින් යුත් කහ පැහැති තීරුව මගින් සියලු කොටස් එකට බැඳී පවතී. ඉන් ජාතීන් අතර එකමුතුව, සාමය හා අන්‍යෝන්‍ය අවබෝධයත් කහ පැහැයෙන් ඒ සැම තුළ පවත්නා ජීව ගුණයත් නිරූපණය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya