මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ දින කාලය තුළ සිදුවීම් 104ක් -කැෆේ සංවිධානය

    නොවැම්බර් 17, 2019

    ‍2019 නොවැම්බර් 16 වන දින පෙරවරු 7 සිට මැතිවරණ දිනය ආරම්භ වූ අතර පස්වරු 5.00 දක්වා කාලය මැතිවරණ දින කාලය තුළ කැෆේ සංවිධානයට සිදුවීම් 104ක් වාර්තා වූ අතර ඒම සිදුවීම් අතර ප්‍රචණ්ඩ ක්‍රියා 3ක් වාර්තා වී ඇතැයි එම සංවිධානය පවසයි.

    මන්නාරම ප්‍රදේශයේදී  බස්රථ දෙකකට එල්ල වූ ප්‍රහාරය  සහ ගස් කපා දමා මාර්ගය අවහිර කිරීමේ සිදුවීමක් ඒ අතර වේ.

    මීට අමතරව අඩ්ඩාලචේන පාලමුනේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ දේශපාලන ගැටුමකදී ඒල්ලවූ ගල් ප්‍රහාරයක් පොලිස් ජීප් රථායකට එල්ල වීමෙන් හානි සිදුවීම සහ දැරණිය ගල නූරිවත්ත ප්‍රදේශයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල සහිත දෙදෙනෙක කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීම ප්‍රධාන වේ.


    මීට අමතරව පෝස්ටර් ,අත් පත්‍රිකා සහ කුඩා කාඩ්පත් විසිරුවා හැරීම් ආදී සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර සමස්තයක් ලෙස මැතිවරණ දිනය සාමකාමී බව සඳහන් කළ හැකිය. ඡන්ද දායකයින් උදෑසනම ඡන්ද පොලට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් දැක්වූ බව නිරීක්ෂණය කළ හැකිවූ අතර සමස්තයක් ලෙස ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya