මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පලමු වේදනා කළමනාකරණ හෙඳ නිලධාරීන් වෙනුවෙන් නිල ලාංඡන පැළදවීම සිදු කෙරේ

    ඔක්තෝබර් 21, 2019

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයකට අනුව, විවිධ වෛද්‍ය ක්ෂේත්‍රයන් සඳහා හෙඳහෙඳියන්ට අවශ්‍ය නිපුණතාවය ලබා දීමේ වැඩසටහනෙහි පළමු කණ්ඩායම සිය පුහුණු කාලය අවසන් කරනු ලැබීය.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ පලමු වේදනා කළමනාකරණ හෙඳ නිලධාරීන් කණ්ඩායම වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ නිල ලාංඡන පැළදවීම සිදු කෙරිණ. පාඨමාලාව සම්පූර්ණ කළ පළමු වේදනා කළමනාකරණ හෙඳ නිලධාරීන්ගේ කණ්ඩායමට 40 දෙනෙකු ඇතුළත්ය. මෙම උත්සවය පැවැත්වුණේ කොළඹ ජාතික රෝහලේ අපස්මාර ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ය.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ හෙඳ අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) කාර්යාලය සහ ශ්‍රී ලංකා නිර්වින්දන හා දැඩිසත්කාර සේවා විද්‍යායතනයට අනුබද්ධ වේදනා කළමනාකරණ අංශය මගින් මෙම පුහුණු වැඩසටහන සංවිධාන කර තිබිණ.

    ඒ යටතේ පුහුණුව නිමා කළ හෙඳ නිලධාරින් මෙරට විවිධ ප්‍රදේශවල රෝහල් වෙත වේදනා කළමනාකරණ සේවය සදහා යෙදවීමට අපේක්ෂිතයි. කොළඹ ජාතික රෝහල, මහරගම අපේක්ෂා රෝහල සහ කුරුණෑගල මහ රොහල තුළ මේවන විටත් වේදනා කළමනාකරණ ඒකකයන් ස්ථාපනය කර ඇත. පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ පැවති මෙම පුහුණු පාඨමාලාවෙන් අනතුරුව මෙම වේදනා කළමනාකරණ හෙඳ හෙඳියන්ගේ රැකියා විස්තරය සහ අනුයුක්ත කිරීම් ඉදිරියේදී ලබා දීමට අපේක්ෂිතයි. ශ්‍රී ලංකාවට වේදනා කළමනාකරණ හෙඳ සේවාව හඳුන්වාදීමේ ගෞරවය සෞඛ්‍ය අමාත්‍යංශයේ හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්. බී. සී. සමන්මලී සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පී. ටී. ආර්. මකුළොළුව යන මහත්මීන්ට හිමි වන බව මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවූ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සදහන් කළේය.

    දීපව්‍යාප්ත රෝහල් පද්ධතිය මගින් රෝගී ප්‍රතිකාර සේවා සිදුකිරීමටමෙම හෙඳ හෙඳියන්ගෙන් විශාල කාර්යභාරයක් අපේක්ෂා කරන බවත්, අනෙකුත් විෂයන් සඳහා ද හෙඳ පුහුණුව ආරම්භ කිරීමට අඳහස් කරන බවත් ඒ මහතා සඳහන් කරන ලදී.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකාවේ පළමු වේදනා කළමනාකරණ හෙඳ නිලධාරීන් කණ්ඩායම වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ නිල ලාංඡන පැළදවීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ගුණාත්මක සෞඛ්‍ය හා සුරක්ෂිතතාව පිළිබද අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන්, ශ්‍රී ලංකා නිර්වින්දන හා දැඩිසත්කාර විශේෂඥයන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අශෝක ගුණරත්න, ශ්‍රී ලංකා නිර්වින්දන හා දැඩිසත්කාර සේවා විද්‍යායතනයට අනුබද්ධ වේදනා කළමනාකරණ අංශ ප්‍රධානී වෛද්‍ය ගයනි වල්පොල, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්. බී. සී. සමන්මලී, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පී. ටී. ආර්. මකුළොළුව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya