මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛරීසහගත ප්‍රකාශවල ඉහළ යාමක් - කැෆේ සංවිධානය

    ඔක්තෝබර් 21, 2019

    ජනාධිපතිවරණ මැතිවරණ ‍ව්‍යාපාරය තුළ වෛරීසහගත ප්‍රකාශ ඉහළ යාමේ තත්වයක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි.

    එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ, විශේෂයෙන් මැතිවරණ රැස්වීම් වේදිකා තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන අසත්‍ය සහ වෛරීසහගත ප්‍රකාශ වර්ධනය වීමක් දක්නට ලැබෙන බවයි.

     

    කැෆේ සංවිධානය විසින් මෙවර ප්‍රථම වරට ජනාධිපතිවරණයට අදාල සමාජ මාධ්‍ය නිරීක්ෂණ ඒ්කකයක් පිහිටුවා ඇති අතර එම නිරීක්ෂණ පිළිබද අදහස් දක්වමින් ආරියවංශ මහත්මිය මේ බව පෙන්වා දුන්නාය. ඇතැම් අපේක්ෂකයින් සමාජ ජාලා තුළ සිය මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනු වෙනුවට ප්‍රතිවාදී අපේක්ෂකයින් අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ඇය සඳහන් කළාය. විශාල ප්‍රමාණයක් ග්‍රාහකයින් සිටින ෆේස්බුක් පිටු සහ යූ ටියුබ් නාලිකා මිලට ගනිමින් ඒ් ඔස්සේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳ වැරදි මත ප්‍රචාරය කිරීමේ මෙම වැඩපිළිවෙළ තුළින් සැබෑ ජනමතය විකෘති විය හැකි බව සුරංගි ආරියවංශ මහත්මිය අවධාරණය කළාය.

     

    මීට අමතරව මැතිවරණ වේදිකාවල ද වෛරී සහගත ප්‍රකාශ සහ ජාතිවාදය මතුකර දැක්වීමේ ප්‍රකාශ වර්ධනය වී ඇති බව සුරංගි ආරියංවශ මහත්මිය සඳහන් කරයි. මෙම තත්වය තවදුරටත් වර්ධනය වීම තුළින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවධානම ඉහළ යන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ )පෙන්වා දෙයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya