මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වරු හතරෙන් පසුවත් අක්ෂි කාච දැමීමට වැඩපිළිවෙලක්

    ඔක්තෝබර් 21, 2019

    නොවැම්බර් මස සිට පස්වරු 4.00 න් පසු අක්ෂි කාච දැමිමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇමැති පවසයි.

    මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මෙසේ පවසා ඇත.

    එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “අපේ ආණ්ඩුව මේ රටේ සෑම ක්ෂේත්‍රයකටම එක වගේ සැළකුවා. රාජ්‍ය සේවක වැටුප වැඩිකළා, විශ්‍රාම වැටුප වැඩි කළා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා.සෞඛ්‍ය සේවාවේ විශාල වැඩකොටසක් කළා, ජනතාවගේ නිරෝගීභාවය සදහා. ඖෂධ මිල අඩු කළා. පිළිකා රොගී ප්‍රතිකාර සීමාවන් ඉවත් කළා.

    අපි අක්ෂි කාච, ස්ටෙන්ස් නොමිලේ ලබාදුන්නා. ලබන මාසයේ සිට අපි සවස 4.00 න් පසුත් අක්ෂි කාච දැමීමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා. එම සේවා සපයන වෛද්‍යවරුන්ට රෝහල් කාර්ය මණ්ඩල වලට ඒ් සදහා අපි ගෙවීමක් කරනවා. දැනට වෛද්‍යවරු 20 දෙනෙක් කැමැත්ත පළ කරලා තිබෙනවා පස්වරු 4.00 න් පසු රෝහල්වල ශල්‍යාගාර විවෘත කර එම කටයතු සිදු කිරීමට. එතකොට දැනට සිදු කරන ලක්ෂයක් පමණ වන අක්ෂි සැත්කම් ප්‍රමාණය දෙලක්ෂය ඉක්මවා යන්න පුළුවන් . අද පෙණහැල්ල අරෙන්න සියළු බද්ධ කිරීම් කටයුතු සිදු කරනවා. පෙනහළු බද්ධ කිරීමත් මාසයක් යන්න පෙර ආරම්භ කරනවා. ඖෂධ මිල අඩු කිරීම නිසා මහජනතාවට අවුරුද්දකට ඇති ලාභය මිලියන 4400 ක්.

     පිළිකා ඖෂධ මිල අඩු කිරීමෙන් ආණ්ඩුවට රුපියල් මිලියන 1750 ක ලාභයක් තිබෙනවා. මේ මාසය අවසන්වීමට පෙර තවත් ඖෂධ වර්ග 30 කට වැඩි ප්‍රමාණයක මිල අඩු කරනවා. අපි ලග්ගල රෝහල මීට වඩා උසස් රෝහලක් බවට පත්කිරීමට අපි තීරණය කර තිබෙනවා.” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya