මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍ය ජාලා මගින් තම දේශපාලන ප්‍රචාරයන් සිදු නොකරන ලෙස සියළුම රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලිමක්

    ඔක්තෝබර් 16, 2019

    ඡන්දය සලකුණු කරන්නේ කෙසේදැයි ජනතාව දැනුම්වත් කිරීම සඳහා භාෂා ත්‍රිත්වයෙන් සහ සංඥා භාෂාව උපයෝගී කරගනිමින් නිල නිවේදනයක් නිකුත් කිරීමට තමා බලාපොරොත්තු වන බව  මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවපසයි.

    අද(16) උදෑසන මැතිවරණ කොමිශන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.  ඡන්දය සලකුණු කිරීම සඳහා තම කැමැත්තේ අනුපිළිවෙල අනුව 1,2,3 ලෙසින් ඉලක්කම් භාවිත කිරීමට ජනතාව දැනුම්වත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

    තවද මෙවර  ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80ක් ඉක්මවනු ඇති බවද , ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සැලකිල්ලට ගැනීමේදී මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවද මැතිවරණ කොමිශන් සභාවේ සභාපතිවරයා  වැඩිදුරටත් පවසා සිටියේය.

    එසේම   සමාජ මාධ්‍ය ජාලා මගින් තම දේශපාලන ප්‍රචාරයන් සිදු නොකරන ලෙසද සියළුම රාජ්‍ය නිලධාරින්ගෙන්  සභාපතිවරයා ඉල්ලා සිටියේය. විශේෂයෙන් රජයේ නිලධාරින් වන පොලිස් නිලධාරින් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් රාජකාරී වේලාව තුලදී දේශපාලන කටයුතු වල නිරත වීමෙන් වලකින ලෙසත් රජයේ දේපොළ කිසිදු අවස්ථාවක එවැනි දේශපාලන කටයුතු සඳහා භාවිතා නොකල යුතු බවත් ඒ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya