මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයක් සැමවිටම බලාපොරොත්තු වන්නේ ජනතාව බල ගැන්විමටයි - ''පුරවැසි අභිමන් '' උපහාර උළෙලේදී ජනමාධ්‍ය ලේකම්වරයා පවසයි

    ඔක්තෝබර් 16, 2019

    ''රජයක් සැමවිටම බලාපෙරොත්තු වන්නේ ජනතාව බල ගැන්විමටයි.එමඟින් ජනතාව දැනුම්වත් කිරිමයි'' යැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා ඊයේ(15) ජාත්‍යන්තර තොරතුරු දැනගැනිමේ දිනය වෙනුවෙන් හා ඊට සමගාමිව පුරවැසි අභිමන් උපහාර උළෙලේ දී පැවසිය.

    මෙය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැත් විණි.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා ප්‍රකාශ කළේ,වසර තුනක් සිට තොරතුරු දැන ගැනිමේ පනත ක්‍රියාත්මක වන අතර ඒ ආශ්‍රිතව සමික්ෂණයක් ක්‍රියාත්මකකළ බවයි.

    තොරතුරු පනත පිළිබඳව ජනතාව දැනුම්වත් භාවය පිළිබඳව දිවයින පුරා දිස්ත්‍රික්ක 25 තුළ මෙම සමික්ෂණය සිදු කරන ලදි.එමෙන් ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තොරතුරු දැන ගැනිමේ දිනය වෙනුවට එය තොරතුරු මාසයක් පුරා ක්‍රියාත්මක කිරිමට ද අනුමැතිය ලැබු අතර එමඟින් ජනතාව දැනුම්වත් කිරිමක් ද සිදු වු බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.

    මෙම තොරතුරු මාසය යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයක් පුරාම මේ සම්බන්ධයෙන් දැනුම්වත් කෙරිණි.මේ වන විට සෑම දෙපාර්තමේන්තුවක ම,සෑම අමාත්‍යාංශයක ම තොරතුරු නිලධාරියෙක් සිටින අතර ඹ්නැම තොරතුරක් එඟින් ලබා ගත හැකි බව සුනිල් සමරවීර මහතා පැවසිය.


    දිවයින පුරා තොරතුරු නිලධාරීන් 1700කට ආසන්න ප්‍රමාණයක් සිටියි. මෙහි දි,පුරවැසි අභිමන් උපහාර තිළිණ ප්‍රදානය සිදු විය.මෙහි දි සම්මාන 10ක් හා ජුරියේ විශේෂ සම්මාන 2ක් ද පිරිනැමිණි.


    මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් රැසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya