දෙසැම්බර් 12, 2019
tami eng youtube  twitter facebook

    කතානායකවරයා විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය

    සැප්තැම්බර් 17, 2019

    කතානායකවරයා විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය

     

    මාධ්‍ය නිවේදනය

    පසුගිය සති කිහිපය තුළ ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් මා ඇමතුහ.

    ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ මා හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද මාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසය.

    එම සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨසම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරිමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය හෙයින්, තමන් එම ඉල්ලිම ඉදිරිපත් කරන බවයි.

    පළමුවෙන්ම මා කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පුජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි.

    කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද මා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණි.

    එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කල දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි.

    එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරමි.

    කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව මාගේ හැඟීමයි.

     

    කරු ජයසුරිය,

    කථානායක

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya