මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඬුවම් ලබා දීමේ නීති සකස් කරනවා- අධිකරණ අමාත්‍ය

    සැප්තැම්බර් 17, 2019

    අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඬුවම් ලබා දීමේ නීති සකස් කරන බවත් මෙම කටයුතු කරන්නේ මේ රටේ අනාගතය ගැන සිතා බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ''ළගම පාසල හොදම පාසල'' වැඩ සටහන යටතේ පාසල් ගොඩනැගිලි 500 ක් විවෘත කිරීම යටතේ බලංගොඩ කුමර විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ ( 16) එක්වෙමිනි.

    මේ සඳහා රුපියල් ලක්ෂ 105 ක් වැය කර තිබේ.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය. අපි දන්නවා එක කාලයක තිබ්බා අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තිබුණා.විදුහල්පතිකම ලැබුණේ ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ අවශ්‍යතාවය අනුවයි.අද අපිට සන්තෝෂයෙන් කියන්න පුළුවන් දැන් එහෙම නැහැ.විශේෂයෙන්ම ඉදිරියට සියලු දෙනා දැනුවත් වෙයි රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා ලබා ගන්න කොට වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය වෙනවා.එදා අපේ අගමැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කොට විද්‍යා පීඨ සංකල්පය ඇති කළා.අද භේදයකින් තොරව හැම දෙනාම ඒ දේවල් වල ප්‍රතිලාභ ලබනවා.අද අපි අධ්‍යාපන විෂය මාලාවට නීතිය විෂයක් ලෙස හදුන්වා දීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.නීතිය නොදැන ගෙන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි.

    නීතිය නොදැන ගෙන සිටීම නිසා දරුවන් වැරදි කරනවා.අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති මේ දවස්වල සකස් කර ගෙන යනවා.පසුගිය දවසක රත්නපුර කලාපයේ පාසලක ළමයින් හෙල්මට් දා ගෙන පන්තියේ ඉන්නවා මුහුණු පොතේ දාලා තිබුණා.අපි පරීක්ෂණයක් ඉල්ලුවා. මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේවා කරන්නේ.ඉතිං ආණ්ඩුව කීයටවත් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ.අපි සදාකාලිකව ඉන්න ඇවිල්ලාවත් නැහැ.අපි ඉන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ.පුංචි දරුවකුගේ ඔලුවට හෙල්මට් එකක් දාන කොට දරුවා බලනවා මොකද මේ මගේ ඔළුවට හෙල්මට් එකක් දාන්නේ කියලා.ඊයේ පෙරේදා ෆේස් බුක් එකේ තිබුණා කල්තොට දියවින්න පැත්තේ කට්ටියක් කම්බියක් දිගේ ගග තරණය කරනවා .අපි පාලම් හතරක් දාලා තියෙනවා
    මේවා ඉතිං අපි කාට කියන්නද මොකටද මේ විදිහට දේශපාලනය කරන්නේ .දේශපාලනය ඔළුවේ තියා ගෙන වැඩ කරන්න හොද නැහැ .අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම කර ගෙන යනවා.මේ රජය ආව ගමන් හැදුවේ මාධ්‍ය නිදහසයි.වැඩියෙන්ම විවේචනයට ලක් වෙන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ අපියි.අපි ඕනම දේකට සුදානම් වෙලා වැඩ කරන අයයි.අපි මේ කටයුතු කරන්නේ මේ රටේ අනාගතය ගැන හිතලයි.අපි ලොකු සභ්‍යත්වයක් ගැන කථා
    කරනවා.ඉතිහාසයක් ගැන කථා කරනවා.සිංහල බෞද්ධ කම් ගැන කථා කරනවා.ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ පාසල්වල මේ අනවශ්‍ය තදබදය නවත්වන්න.අපි අපේ වගකීම හරියාකාරව ඉටු කරනවා අපි මේවා කරන්නේ ඔබේ හෙට දවස වෙනුවෙන් බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya