මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වය තවදුරටත්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    සැප්තැම්බර් 17, 2019

    දිවයින ආශ්‍රිතව වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

    බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කළ හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya