මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි නිලධාරීන් අවංකව, කාර්යක්‍ෂමව වැඩ කළ හොත් රටේ දුප්පත්කම වසර 5 කින් තුරන් කළ හැකියි - ඇමැති දයා ගමගේ

    සැප්තැම්බර් 17, 2019

    විසිහත්දහසක් වන සමෘද්ධි නිලධාරීන් අවංකව, කාර්යක්‍ෂමව තම රාජකාරි ඉටුකළ හොත් වසර 5 ක් යන විට මේ දුප්පත්කම මේ රටෙන් සහමුලින්ම තුරන් කර දැමිය හැකි බව ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.


    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා වසර 21 කට පසුව ස්ථිර පත්වීම් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයේදී ඇමැතිවරයා එසේ කීය.
    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 කට ස්ථිර පත්වීම් ලබා දීම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එහිදී සිදු කෙරුණු අතර ඇමැතිවරුන් වන වර්ණ අබේවර්ධන, පී. හැරිසන්, රාජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ, සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වී සිටියහ.
    පත්වීම් ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා රජය විසින් වැඩි කරන ලද රුපියල් 10000 සහ වැටුපට එක්කළ රුපියල් 2500 ද හිමිවනු ඇත. සමෘද්ධි නිලධාරීන් වශයෙන් විශ‍්‍රාම ගිය 1000 කට සහ මියගිය නිලධාරීන් 500 දෙනකුගේ හිමිකරුවන්ට ද විශ‍්‍රාම වැටුප් ලබා දීමට ඇමැතිවරයා කටයුතු යොදා ඇත.
    එහිදී තව දුරටත් අදහස් පළකළ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
    සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථිර පත්වීම් පිරිනැමීමට හැකි වූ මේ අවස්ථාව හිතට සතුට දනවන මොහොතක්. ආත්ම ගණනාවකට පිං රැුස්කර ගත හැකි රැුකියාවක් අද ඔබට හිමිවෙලා තිබෙනවා. සමිති සංගම් වලින් බොහෝ දේ කිරීමට හැකියි. එම සමිති සංගම්වලට මසකට රුපියල් 150 බැගින් ඔබෙන් ලබා ගත්ත. එවිට එක් මාසයකට ලක්‍ෂ 40 යි. අවුරුද්දකට ලක්‍ෂ 486 ක් වෙනවා. වසර ගණනක් තුළ ඔවුන් කෝටි ගණනක් මුදල් එකතු කරනවා. ඒත් සමිති සම්ගම්වල නිලධාරීන් ඔබ වෙනුවෙන් මොනවද කළේ? ඒ ප‍්‍රශ්නය ඔබටත් තිබෙනවා. අපටත් තිබෙනවා.
    ඒ නිලධාරීන් ඔබේ ප‍්‍රශ්න විසඳන්න අපට අවස්ථාවක් ලබා දුන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මගේ ළඟට ප‍්‍රශ්න 10 ක් අරගෙන පැමිණිය හොත් මා ඒ මොහොතෙම ප‍්‍රශ්න තුනකට විසඳුම් ලබා දෙනවා. ඉතිරි ප‍්‍රශ්න හත සඳහා දෙන්න පුළුවන් කෙටිකාලීන, දිගුකාලීන විසඳුම් අනතුරුව ලබා දෙනවා. ඔබේ සමිති සංගම් නියොජිතයන් ඊට කැමති වුණේ නැහැ. එකපාරම එක්කොටම විසඳුම් ඉල්ලා සිටියා. එහෙම වැඩ කිරීමට අපහසුයි. රජයක් විදිහට අපට නොයෙක් සීමා මායිම් තිබෙනවා.
    මේ අතරින් තවත් පිරිසක් මා මුණගැසීමට පැමිණ ඔබේ ප‍්‍රශ්න ගැන සඳහන් කළා. ඉන්දික ජයරත්න, ප‍්‍රමිලා, යහම්පති දේදුනු යන අය එහි මූලිකත්වය ගත්තා. ඔවුන් වෙනම සමිතියක් හදලා අපට ලියුමක් ලබා දුන්නා. ඒ සමගම අපට තීරණයක් ගැනීමට හැකි වුණා. ඔවුන්ගේ ඉල්ලීම් ද ඉටුකර 27000 ක් වන සියලූ දෙනාගේ ඉල්ලීම් ඉටුකිරීට අපි තීරණයකට එළඹුණා. ඒත් නොයෙක් බාධා ඊට එල්ල වුණා. එය නතර කිරීමට පිරිසක් පියවර ගත්තා. මැතිවරණ කොමසාරිස්ටත් ලියුම් දුන්නා. සමෘද්ධියට පත්වීම් ලබා දී ජනාධිපතිවරණයට පක්‍ෂය සූදානම් කරන බවට ඔවුන් ඉන් දන්වා තිබුණා. හරි දේ කරන විට කවුරු මොනතරම් බාධා කළත් මට ඒ බාධා ජය ගැනීමේ හැකියාව තිබෙනවා. අවසානයේ අපි අපේ අරමුණු ඉටුකර ගත්තා. ඔබ අද පත්වීම් ලබන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසින්.
    රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා එදා ඇඟලූම් කර්මාන්ත ආරම්භ කළා. දිලිඳු ජනතාවට සවියක් වුණා. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට විශාල ශක්තියක් වෙමින් කර්මාන්ත ඇමැතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා මහඟු සේවයක් ඉටුකළා. එදා පේ‍්‍රමදාස මහතාගේ අදිසි හස්තය වුණේ රනිල් වික‍්‍රමසිංහ මහතායි.
    අපට යුද්ධයක් තිබුණා. ආයුධ මිලට ගන්නත් ණය ගැනීමට සිදු වුණා. ඩොලර් වලින් ණය ගත්තම ණය ගෙවන්නත්, වාරික ගෙවන්නත් සිදුවෙන්නේ ඩොලර් වලින්. ඒ ඩෙලාර් ගෙවීමට අපට ඩොලර් උපයා දුන්නේ ඇඟලූම් කම්හල්වල වැඩ කළ අහිංසක දරු දැරියන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒත් සමහරු දළදා මාලිගාව වටේ රේස් පැද්දා. රේස් කාර් ගෙනාවා. ඩොලර් මිලියන ගාණක් විදේශ විනිමය ලෙස පිටරටට ඇදී ගියා.
    ආණ්ඩුව භාර ගන්නා විට අපට ගෙවීමට පුළුවන් වූයේ රටේ ණය වලින් පොලිය විතරයි. දැන් අපට වාරික ගෙවීමටත් හැකියි. අපි රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000 කින් වැඩි කළා. භාණ්ඩාගාරයට බිලියන 200 ක වැය බරක් ඉන් එකතු වුණා. විශ‍්‍රාම වැටුප වෙනුවෙන් තවත් අතිරේක වැය බරක් ලෙස බිලියන 50 ක් එකතු වුණා. සමෘද්ධි දීමනාව සහ සමෘද්ධි නිලධාරීන්ට බිලියන 13 බැගින් වැය වී තිබුණා. අපි එය සමෘද්ධිලාභීන්ට බිලියන 50 ක් දක්වා වැඩි කළා. සමෘද්ධි නිලධාරීන්ට බිලියන 13 බිලියන 18 ක් කළා. ඒ බිලියන 18 අද සිට තවත් වැඩි වෙනවා. හැබැයි අප භාණ්ඩාගාරයට බරක් වෙන්න හොඳ නැහැ. අපි අපේ දායකත්වය රටට ලබාදිය යුතුයි.
    සමෘද්ධිය පහුගිය ආණ්ඩුව කාලයේ දේශපාලන ව්‍යාපාරයක් වුණා. රණසිංහ පේ‍්‍රමදාස මහතා ජනසවියෙන් බලාපොරොත්තු වුණ අරමුණු ගිය ආණ්ඩුවේ සමෘද්ධියෙන් ඉටුවුණේ නැහැ. අපි දැන් ලක්‍ෂ ගණනින් සමෘද්ධිලාභීන් සොයාගෙන ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබා දෙනවා. තවත් ලක්‍ෂ 3 1/2 කට ඉක්මනින්ම සමෘද්ධිය ලබා දෙනවා. එත් තවමත් සමෘද්ධියට හිමිකම් නොකිවූ අහිංසක වැසියන් මේ රට තුළ සිටිනවා වෙන්න පුළුවන්. එවැනි අය ගැන අපට දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. හැබැයි සමෘද්ධිය ලබා දුන් පමණින් මේ අයව නගාසිටුවන්න නොහැකියි. ඔවුන්ට දිරියක් වීමට අපි ව්‍යාපෘති 50000 ක් සැලසුම් කර තිබෙනවා. සමෘද්ධි බැංකුව අපි පරිගණකගත කරනවා. මාස 6 ක් ඇතුළත ලෝකයේ  ඕනෑම තැනකින් බැංකුවේ ඇති මුදල් ලබාගැනීමට හැකි ලෙස තාක්‍ෂණය දියුණු කරනවා. වසර 6 ක් ඇතුළත සමෘද්ධි බැංකුව මහජන බැංකුව සහ ලංකා බැංකුවේ මට්ටමට අනිවාර්යයෙන් දියුණු කරනවා. එය අපට කළ හැකියි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ඒ සඳහා අපට ලැබෙනවා.
    අගමැතිවරයාට අපි යමක් පැවසූ විට ඔහුට ඒ බව වැටහෙනවා. අපට ඊට ඉඩ ප‍්‍රස්ථාව ලබා දෙනවා. ඔහු අපව නතර කරන්නේ නැහැ. දිරි දෙනවා. අපව නතර කරනවනම් නතර කරන්න හදන්නේ මුදල් අමාත්‍යාංශය පමණයි. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට කුමන වැඩක් කිව්වත් ඔවුන් දන්නෙ එකපාරට ‘බැහැ’ කියන්න විතරයි. මට මුදල් අමාත්‍යාංශය දුන්නා නම් අගමැතිතුමනි, අද මේ රටේ තිබෙන මුදල් ප‍්‍රශ්නය ඇති වෙන්න මම ඉඩ දෙන්නෙ නැහැ. එහෙම නම් මෙහෙම මුදල් ප‍්‍රශ්නයක් අද එන්නෙ නැහැ. මේ ආර්ථිකය මම ගොඩනගලා පෙන්වනවා. සල්ලි නැහැ කියලා අපි කවදාවත් වැඩ නොකර ඉඳලා නැහැ. වැඩ කරගෙන යනවිට අපට මුදල් හොයා ගත හැකියි. මුදල් හම්බ කරන හැටි අපි දන්නවා. ඒ වගේම අමාරුවෙන් මුදල් උපයපු කෙනකු හැටියට කවදාවත් අනවශ්‍ය දේට මං මුදල් නාස්ති කරන්නෙ නැහැ.
    සමෘද්ධි වැඩසටහනට තුන්දහස් පන්සියයක් නිලධාරීන් ප‍්‍රමාණවත්. ඒත් අපට 27000 ක් ඉන්නවා. එහෙම නම් අපි හරියට වැඩ කළහොත් අවුරුදු 5 කින් මේ රටේ දුප්පත්කම නැති කර දැමිය හැකියි. අපේ අමාත්‍යාංශයේ කාර්යක්‍ෂමතාව අපට වැඩි කළ හැකියි. සමාජ සවිබලගැන්වීම යටතේ අපි සායන 12000 ක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. එය නිවැරැුදිව ඉටුකළ හොත් ඉස්පිරිතාලවල ඇඳන් වලින් භාගයක් හිස් කළ හැකියි.
    රැුස්වීම්වලට සමෘද්ධි කට්ටය මෙච්චර ගේන්න කියලා ගිය ආණ්ඩුව වගේ අපි බල කරන්නෙ නැහැ. සමෘද්ධිය දීලා මිනිස්සු ගේන්න අපට වුවමනාවක් නැහැ. දින 52 ආණ්ඩුව නැති වුණ කාලයේ ගෝල්ෆේස් එක වගේ දෙගුණයක් සෙනඟ අපි ගේනවා. අමැති රනිල් වික‍්‍රමසිහ, කරු ජයසූරිය එකතු වී රටට එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙනාවා. ඒ නිසා අපි අද ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ සමෘද්ධිලාභීන් නැගිටුවන්න 2025 පෝසත් රටක් හදන්න එකතුවෙන ලෙසයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya