ඔක්තෝබර් 14, 2019
tami eng youtube  twitter facebook

    මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන්- අමාත්‍ය පී. හැරිසන්

    සැප්තැම්බර් 17, 2019

    මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමානය මෙම මස නිම වන්නට පෙර ගෙන්වා අවසන් කරන ලෙස රජයේ පො‍හොර සමාගම් සඳහා උපදෙස්  ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

    ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අඩු ආදයම් ලාභී ගොවි පවුල් වෙත ස්ථිර වහලක් සදා දීමේ වැඩසටහන මඟින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සඳහා ‍සෙවිලි තහඩු ප්‍රදානය කිරීමට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව කීය.

    එහි දී වැඩිදුරටත් අදහස දැක්වු අමාත්‍යවරයා මෙම මස 26වෙනිදා යුරියා මෙ.ටො.30,000ක් රැගත් නැවක් ලංකාවට එනවා. ඉන් පසු මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමානය සම්පූර්ණ වෙනවා

    වී වගාව සඳහා පොහොර මෙ.ටො.229,526ක ප්‍රමානයක් මෙවර මහ කන්නයට අවශ්‍ය වන බවට අපට වාර්ථා වී තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර 787,259ක පමණ භූමි ප්‍රමානයක වගා කරනු ඇතැයි අපි ගණන් බලා තිබෙනවා.

    මහ කන්නයේ දී වී වගාව සඳහා යුරියා මෙ.ටො.148,162.9ක් ද, ත්‍රිපල් සුපර් පොස්පෙට් මෙ.ටො.36,530ක් සහ MOP මෙ.ටො.44,833ක් මේ වන විට ආනයනය කර තිබෙනවා. මහ කන්නය වෙනුවෙන් රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල් පොහොර සමාගම සඳහා 40%ක් ද, ලක් පොහොර සමාගම සඳහා60%ක් ද පොහොර ආනයනය සඳහා අවසර හිමිව තිබෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙවර රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් යුතු පොහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවත්,  පෙර කන්නවල දී නිසි වේලාවට පොහොර නොලැබීම නිසා ගොවීන්  අපහසුතාවයන්ට ලක් වුවද මේ වසරේ දී ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට තමන් කටයුතු කරන බව වැඩිදුරටත් කීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya