අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි 18 දිනට යෙදෙන ජාතික සමථ දිනයට සමගාමීව වැඩසටහන් රැසක්

    ජූලි 20, 2019

    ජූලි 18 දිනට යෙදෙන ජාතික සමථ දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් පැවැත්වේ. එහි පළමු වැඩසටහන මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන්.එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් (18) දින මාතර දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේ දී පැවැත්විණි.

    2019 ජාතික සමථ දිනයට සමගාමීව ජුලි 25 දින සිට අගෝස්තු 08 දින දක්වා වූ දෙසතිය සමථ මණ්ඩල ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සති ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති සමථ මූල මණ්ඩල 16 මගින් ම ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු කෙරේ. ඒ අනුව දැනුවත් කිරීමේ වැඩසටහන්, අත්පත්‍රිකා බෙදාහැරීම, ස්ටිකර් ඇතුළු විවිධ ක්‍රමවේද මගින් මෙම දැනුවත් කිරීම් සිදු කිරීමට නියමිත ය.

    අධිකරණ ක්‍රියාවලිය පහසු කරලීමේ අරමුණින් ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස අධිකරණ වෙත ඉදිරිපත් වන ආරවුල් වලින් සුළු ආරවුල් විසඳාලීම උදෙසා සකස් කරන ලද ඉතා වටිනා වැඩපිළිවෙලක් ලෙස සමථ මණ්ඩල පිහිටුවීම සිදු කරන ලදි. 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව පිහිටුවන ලද අතර ඒ යටතේ ශ්‍රි ලංකාවේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් සඳහා ම සමථ මණ්ඩල පිහිටුවා ඇත.

    සමථකරණ ක්‍රියාවලිය මඟින් පාර්ශවකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන ආරවුල් විසඳා ගැනීම සඳහා තුන්වන පාර්ශවයක් ලෙස සමථකරුවන් කටයුතු කරනු ලබයි.

    තමන්ගේ ගැටළු විසඳීමට පහසු හා අඩු වියදම් යාන්ත්‍රණයක් ලෙස ප්‍රජාව විසින් සමථකරණය පිළිගැනීමෙන් පසු ප්‍රජාව සමථකරණය දෙසට යොමු විම ඉහළ ගොස් ඇත. එම නිසා සෑම වසරකදීම ලක්ෂයකට අධික ආරවුල් ප්‍රමාණයක් සමථ මණ්ඩල වෙතට යොමු වේ.

    මේ වන විට ශ්‍රි ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 329ක පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලවලසමථකරුවන් 8,266 ක පමණ පිරිසක් ස්වේච්ඡාවෙන් සේවය කරනු ලබයි.

    මෙහි දී සමථ මූල මණ්ඩල වලට අදාළ බැනර්, අත්පත්‍රිකා හා ස්ටිකර් බෙදා දීම ද සිදු කෙරිණි.

    මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ සමථ පුහුණු නිලධාරීන් වන කීර්ති ලියනගේ මහතා හා රංජන ඩයස් මහත්මිය, සමථ මණ්ඩල සභාපතිවරුන් හා උපසභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya