මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සීමාවකින් තොරව මුදල් වෙන් කර තිබෙනවා- සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති

    ඔක්තෝබර් 11, 2018

    පිළිකා රෝගියෙකු වෙනුවෙන් රජය වැය කළ මුදල ලක්ෂ 15කට පමණක් සීමා වී තිබුණු බවත් වත්මන් රජය පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සීමාවකින් තොරව මුදල් වෙන් කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම් මහතා පැවසීය.

    සෑම වසරකම ඔක්තොම්බර් මාසය ලෝක පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය ලෙස නම් කර තිබේ. මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පියයුරු පිළිකාව වැලැක්වීම ,පිළිකාව කලින් හඳුනා ගැනීමේ වැදගත්කම , පියයුරු පිළිකා ප්‍රතිකාර සහ සහන සේවා පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරිම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙම රෝගී තත්ත්වය පිළිබඳ මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත් ඒ සඳහා ප්‍රතිකාර කිරීම පහසු බවයි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ අද බොහොමයක් කාන්තාවන් පියයුරු පිළිකාව හඳුනාගන්නේ එහි දෙවන අදියරේදී බවයි. සුවනාරී, සුවපත් දිවියකට මග වැනි සායන රැසක් අද පවුල් සෞඛ්‍ය සායනවල ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ සායන සඳහා පැමිණෙන පිරිස අඩුයි. අල්ට්‍රාසව්න්ඩ්, මැමෝ පරීක්ෂාව අද සෑම රෝහලකම සිදු වෙනවා. පළාත් රෝහල්, දිස්ත්‍රික් රෝහල් ඇතුළු සියලුම රජයේ රෝහල්වල මේ පිළිබඳව පහසුකම් තිබෙනවා. ජනතාව මෙම සෞඛ්‍ය සේවා ප්‍රයෝජනයට ගත යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    කාන්තාවන් අතර වාර්තා වන පිළිකා අතුරින් ප්‍රමුඛ ස්ථානය ගන්නේ පියයුරු පිළිකා බවත් වසරකට අලුතෙන් පියයුරු පිළිකා රෝගීන් 2500කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දුන්නේය. මෙය දිනකට අලුත් රෝගීන් 6-7ක් අතර ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 38 දෙනෙකුගෙන්ම එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවධානමක් ඇති බව සඳහන් කළ ඒ මහතා ඉතිහාසය පුරාම නොතිබූ පහසුකම් රැසක් පසුගිය දශකයේ වෛද්‍ය ක්ෂේත්‍රයට එක් වී තිබෙන බව ද පැවසීය. කාන්තාවන් අතුරින්ම මේ පිළිබඳව උනන්දුවක් අවශ්‍ය බව ද සමරවීර මහතා සඳහන් කළේය.

    පියයුරු පිළිකාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජෙහාන් ගුණසේකර මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ත් 50ත් අතර කාන්තාන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවධානම වැඩි බවයි. වසර 2020 සිට 25 දක්වා ලෝකයේ වැඩි පුර මරණ ඇති වන්නේ පිළිකා රෝගය නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා ඇති බවත් මීට අප සූදානම් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya