මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනප්‍රිය පාසල් සොයමින් මුහුණ දෙන පීඩනයට සුදුසුම විසඳුම ‘ළගම පාසල හොඳම පාසල’වැඩසටහනයි

    ඔක්තෝබර් 10, 2018

    වර්තමානයේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වීම සඳහා තරගයක් බවට පත්ව ඇති ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවන් මුහුණ දෙන මානසික පීඩනයට හොඳම පිළියම “ළගම පාසල හොදම පාසල වැඩසටහන” බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ,ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, ඉදිරියේ දී ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් ගන්නා බවයි. එහිදී කිසිදු භේදයකින් තොරව රටේ දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනාම එක්ව තීරණ ගැනීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී මතුකළේ ය.

     

    ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ගේ ශිෂ්‍යාධාර ප්‍රමාණය රුපියල් 500 සිට රුපියල් 750 දක්වා වැඩි කිරීමට ද රජය පියවර ගෙන ඇති බව සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා , දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේ තරගය හරහා දරුවන් මුහුණ දෙන මානසික පීඩාවන්ට සුදුසුම විසඳුම ඔවුන් ජීවත් වන නිවස අසලම පිහිටි පාසල සපිරි පාසලක ලෙස නිර්මාණය කරදීම බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වත්මන් රජය දියත් කර ඇති ළඟම පාසල හොඳම පාසල වැඩසටහන පිළිබඳව අදහස් පළ කළේ ය.

    ඒ අනුව පාසල්වල භෞතික සම්පත් සහ මානව සම්පත් සංවර්ධන සඳහා 2020 වසර දක්වා ක්‍රියාත්මක දීර්ඝකාලීන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක ව ඇති බව ද පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා එය සාර්ථක කරගැනීම සියලු දෙනාගේ වගකීම බවද අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya