නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල්දෙණිය සහ පල්ලේකැලේ පොලිස් වසම්වලට පොලිස් ඇදිරිනීතිය - අපරාධ පරීක්ෂණ කණ්ඩායමක් දිගනට යයි

    මාර්තු 06, 2018

    තෙල්දෙණිය සහ පල්ලේකැලේ පොලිස් වසම් සඳහා තවදුරටත් නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරිනීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

    පසුගිය 04 දින රාත්‍රී තෙල්දෙණිය පොලිස් වසමේ ඇති වූ කලහකාරී සිද්ධියට අදාළව අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 24 දෙනෙකු තේල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 19
    දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

    මේ අතර සිදුවීම විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් දිගන ප්‍රදේශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ද පිටත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya