මෙම තරගාවලිය සඳහා, ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ පාපැදි තරගකරුවන් 170 කට අධික ප‍්‍රමාණයක් සහභාගී වූහ.
දින තුනක් පුරා පැවති පිරිමි පාපැදි සවාරියේ ප‍්‍රථම දිනය පසුගිය 02 වන දින කොළඹ සිට පුත්තලම දක්වා වු අතර එහි දුර ප‍්‍රමාණය කි.මි 124.9 කි.
දෙවන අදියර පසුගිය 03 වන දින පාලවි සිට හිගුරක්ගොඩ දක්වා වු අතර එහි දුර ප‍්‍රමාණය කි.මී. 172.6 කි. ඊයේ (04) දින පොලොන්නරුව සිට සිට අම්පාර දක්වා තරගාවලිය පැවැත්වු අතර තරගය අම්පාර තරුණ සේවා මධ්‍යස්ථානය අසලින් අවසන් විය. එහි දුර ප‍්‍රමාණය කි.මී. 149.9 කි. මෙම තරගාවලියේ සම්පූර්ණ දුර ප‍්‍රමාණය කි.මී 445.9 කි.
පිරිමි පාපැදි සවාරියේ සමස්ත ශුරතාවය ගුවන් හමුදාව සතුකරගත් අතර සමස්ත පාපැදි සවාරියේ ශූරයා ගුවන් හමුදාවේ මධුශංක ප‍්‍රනාන්දු විසින් හිමිකර ගන්නා ලදි.
එසේම ඊයේ (04) දින කාන්තාවන් වෙනුවෙන්ද එක් තරග අංශයක් පැවැත්වු අතර එය මඩකලපුව කල්ලඩි පාලම අසලින් ආරමිභ වි අමිපාර තරුණසේවා මධ්‍යස්ථානය ඉදිරිපිටින් අවසන් විය. එහි දුර ප‍්‍රමාණය කි.මී. 65.2 කි,කාන්තා තරගයේ සමස්ත ශුරතාවය ගුවන් හමුදාව විසින් හිමිකරගත් අතර තරගයේ ප‍්‍රථම ස්ථානය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිලූකා ශාමලි විසින් හිමිකර ගන්නා ලදි.
තරගාවලියේ ජයග‍්‍රාහිකයින් සඳහා ත්‍යාග ප‍්‍රධානොත්සවය ඊයේ (04) දින අම්පාර ගුවන් හමුදා කදවුරු පරිශ‍්‍රයේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.