නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝනොවන රෝග පාලනය කිරීමේ සියලු වගකීම් සෞඛ්‍ය ඇමැතිට පවරයි

    මාර්තු 05, 2018

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝනොවන රෝග පාලනය කිරීම සදහා වූ ප්‍රමුඛ පෙළේ ස්වාධීන කොමිසමක සම සභාපතිධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇත.

    එවැනි සම සභාපතිධූර 05 ක් පිරිනමා ඇති අතර, පින්ලන්ත ජනාධිපතිවරයා, උරුගුවේ ජනාධිපතිවරයා, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සහ පාකිස්ථානයේ විශ්‍රාමික අමාත්‍යවරයෙකුට මෙම සම සභාපති ධූර පිරිනමා ඇත.

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් සම සභාපති ධූරයේ සියලු වගකීම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පවරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    තිරසර සංවර්ධන ඉළක්ක ජය ගැනීම සදහා බෝනොවන රෝග පාලනය කිරීම සදහා ප්‍රායෝගික නිර්දේශ යෝජනා කිරීම මෙම ස්වාධීන කොමිසමට පැවැරී ඇති වගකීම වෙයි. එහි පළමු අධියර යටතේ සමසභාපති ධූර හොඹවන සාමාජික රටවල් සමග සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය සිකුරාදා ස්කයිප් තාක්ෂණය ඔස්සේ බෝනොවන රෝග පාලනය පිළිබද තොරතුරු හුවමාරු කර ගන්නා ලදි. එම තොරතුරු හුවමාරුව මෙහෙය වන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය මගිනි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya