මෙම නෞකාවන් වරායෙන් පිටත්වීම නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි.
එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී, නියෝජ්‍ය ආඥාපතිවරයා විසින් නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සහ නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලදී. එම නෞකාවන් මාර්තු මස 06 වන දින ඉන්දියාවේ විශාකාපට්නම් වරාය වෙත ළඟා වීමට නියමිතය.