පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී අලුතින් අමාත්‍ය මණ්ඩලයට එක් වූ එකම මන්ත්‍රීවරයා වන්නේද ජේ.සී. අලවතුවල මහතායි.
මේ අවස්ථාවට ගරුතර සංඝරත්නය ද වැඩමකර සිටි අතර, ස්වදේශ කටයුතු කැබිනට් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙන්ම ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ්, රංජිත් අලුවිහාරේ, අශොක් අබේසිංහ, ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව සිටියහ. හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාද ඊට සහභාගී වී සිටීම විශේෂත්වයකි.