නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සුව සේවා ප්‍රදර්ශනය සුව ඇමැති අතින් විවෘත කෙරේ

    මාර්තු 03, 2018

    මෙඩිකෙයා 2018 ජාතික සුව සේවා ප්‍රදර්ශනය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(2) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

    මෙම ප්‍රදර්ශනය විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඇගයීම ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණයක් බවයි. අද වන විට නියම නිදහස් සෞඛ්‍ය සේවයක් ලංකාවේ පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය  සහ තවත් ආයතන කිහිපයක් එක්ව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය 9 වැන වරට පවත්වයි.දේශීය හා විදේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රදර්ශන කුටි 200ට වැඩි ප්‍රමාණයක් මෙහි ඇතුළත් වන අතර කායික මානසික සුවය සදහා ලබා ගත හැකි දැනුම මෙන්ම සියළුම වෛද්‍ය සේවාවන් එකම වහළක් යටතේ නොමිලේ ලබා ගත හැකිය. මෙම ප්‍රදර්ශනය  අද  (03) සහ  හෙට (04) යන දෙදින මහජනතාව සඳහා විවෘතව පවතී.

    මෙම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් Taranjit Singh Sandhu මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා ෆෙන්සි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya