නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය දුරලීමට සුව ඇමැතිගෙන් වැඩපිළිවෙලක්

    පෙබරවාරි 27, 2018

    වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරිම සදහා ත්‍රිපෝෂ බෙදාහැරීම විධිමත් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදි.

    වතුකරයේ දරුවන්ගේ පෝෂණ ඌණතාවයන් සහ පෙරපාසල් ළමයින් සදහා සුදුසු පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදීම පිළිබදව දිර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරුනි. එහිදී පෝෂ්‍යදායි බිස්කට් වර්ගයක් මාස 04 ක කාලයක් පළමුව ලබාදීමට තීරණය කර ඇත.

    2017 වසරේ දී වතුකරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ත්‍රිපෝෂ පැකට් මිලියනකට අධික ප්‍රමාණයක් බෙදාහැර ඇත. එම ත්‍රිපෝෂ විධිමත්ව බෙදාහැරිම සදහා කටයුතු කළ යුතු බවත්, වතු රෝහල් රජයට පවරා ගැනීමෙන් පසු රෝහල් ආශ්‍රීතව ත්‍රිපෝෂ බෙදාහැරිම ආරම්භ කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන ලදි.

    තව ද පෞද්ගලික රෝහල් නියාමනය කිරිමේ වැඩපිළීවෙල යටතේ දැනට ලැබී ඇති මිල ගණන් පිළිබදව පෞද්ගලික රෝහල් හිමිකරුවන්ගේ සංගමය සමග සාකච්ඡා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

    ඇතැම් මිල ගණන් යළි සංශෝධනය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇත. කඩිනමින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළීවෙල ආරම්භ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    මේ අතර, අලුතෙන් විවෘත කරන ලද රෝහල් ගොඩනැගිලි සහ වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සදහා හෙද හෙදියන්ගේ හිගයක් පවතින බව වාර්තා වී ඇති බැවින් ඉදිරියේ දී හෙද විද්‍යාල වල පුහුණුව අවසන් කළ සිසු සිසුවියන් එම ආයතනවලට යොමු කිරීමට ද තීරණය විය. දැනට හෙද විද්‍යාලවල අවසන් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 1762 ක් ඉදිරි මාස 02 තුළ රෝහල්වලට අනුයුක්ත කිරීමට ද නියමිතව ඇත.


    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නියෝජ්‍ය අධයක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya