විදුහල්පතිවරුන් සඳහා සැලසුම්කරණය, කළමනාකරණය, නවීන ඉගෙනුම් ක්‍රමවේද, අධ්‍යාපනය සඳහා නවීන තාක්ෂණය යොදාගැනීම සහ නායකත්ව වර්ධනය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විදේශීය අත්දැකීම් ලබාදීමමෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම වැඩසටහන යටතේ පසුගිය වසරේ දී දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි විදුහල්පතිවරුන් 226 දෙනෙකු විදේශීය පුහුණුවලබා ඇති අතර මේ වසරේ විදේශීය පුහුණු සංචාර සඳහා සහභාගී වන ප්‍රථම කණ්ඩායම මෙයයි. මෙලෙස ජාත්‍යන්තර පුහුණුව ලත් විදුහල්පතිවරුන්ගේ දැනුම හා අත්දැකීම් ඉවහල් කරගනිමින් මෙරට පාසල් පද්ධතිය නගා සිටුවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික අභිප්‍රායයි.