මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරු මර්දන සහායකයින් 200 රාජ්‍ය සේවයට

    ඔක්තෝබර් 15, 2017
    ඩෙංගු මදුරු මර්දන සහයකයින් 200 කට පත්වීම් ලිපි ප්‍රදානයබොරැල්ල කාසල් රෝහලේ ශ්‍රවණාගාරයේ දී සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “2016 සහ 2017 වර්ෂවල ඇද හැලුණු වර්ෂාව සහ ගං වතුර ඩෙංගු ව්‍යාප්තියට බලපා තිබෙනවා. එම වසංගතය ඉතාම කෙටි කාලයකින් මර්දනය කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පැසසුමට ලක්කලා.
    ඩෙංගු මදුරු මර්දන සහයකයන් 1500 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට මම කටයුතු කලා. වාහන 50 ක් මෙන්ම ජර්මනියෙන් ආනයනය කල දුමායන යන්ත්‍ර 507 ක්ද ලබා දුන්නා. දුමායන වැඩපිළිවෙල නිසි අයුරින් සිදුවීම නිසා ඩෙංගු රෝග ව්‍යාප්තිය 90% කින් අඩු වුණා. ඩෙංගු සහ HIV පාලනය කිරීම සඳහා වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවයේ කම්කරු පත්වීම් වලට උපාධිධාරීන්ද අයදුම් කරනවා. එම තනතුරේ සිට ඉහළට යාමට එම උපාධිධාරීන් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ලක්ෂ 9.5 ක් පමණ වන රැකියා විරහිත වූවන්ගෙන් මෙවන් හෝ රැකියාවක් ඔබට ලැබීම අගය කල යුතුයි. එය වාසනාවක්ද වනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6 සම්මාන 2 ක් නොමැති අයට තමයි මෙම රැකියාව හිමි වන්නේ. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. ඩෙංගු මර්ධනය සඳහා කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන්න. රාජකාරිය අකුරට ම සිදු කරන්න.
     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් B.G.S. ගුණතිලක මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ මහතා, ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හසිත තිසේරා මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya