ජනන අංශය 100%, සම්ප්‍රේෂණ අංශය 100%, බෙදාහැරීම් අංශය 65% යන ප්‍රමාණයකින් ක්‍රියාත්මක වූ අතර, එයට සහායෝගය ලබාදුන් කාර්මණ්ඩලවලට ස්තූතිය පළ කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මානුෂික තත්ත්වයන් නොසළකා හරිමින් වෛද්‍යවරුන්ගේද, ඉල්ලීම නොසලකා කොළඹ ජාතික රෝහලෙන් විදුලි කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීම වර්ජනයක මානුෂික පසුබිම උගසට තැබීමක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී.
කුමන බාධක පැමිණියද අඛණ්ඩව මහජනතාවට විදුලිය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.