බුද්ධශාසන අමාත්‍යංශයේ පසුගියා දා පැවැති බෞද්ධ උපදේශක සභාව අතර පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බෞද්ධ පනත් සඳහා අවශ්‍ය සංශෝධන බෞද්ධ උපදේශක සභාවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් එම සංශෝධන මහා සංඝ රත්නයේ අනුමැතිය හා ආශිර්වාදය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දහම් පාසල් අධ්‍යාපනය දිරිමත් කිරීම, තරුණ කණ්ඩායම් අතර අධ්‍යාත්මික ගුණ වගාව සඳහා වැඩසටහන් සකස් කිරීම, නොදියුණු විහාරස්ථාන දියුණු කිරීම හා එම විහාරස්ථානයන්හි ස්වාමීන් වහන්සේලාට උපකාර කිරීම, විදේශීය බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නොමිලේ වීසා නිකුත් කිරීම හා විහාර දේවාලගම් පනත, භික්ෂූ කතිකාවත් පනත, බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත ආදී කරුණු කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.
මේ සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර එහි නිර්දේශ සති දෙකක් ඇතුළත අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.